
සොයම් උණුසුම් පුවත ..
කන්නලව් යාදිනි ඇසෙන්නට නැත
ගන්ටාරය නිහඬය කුළුණ මත
කුටීරය දොර වසා ඇත
සොයම් නව උණුසුම් පුවත
දරුණු කිළුටක් හසු වුන විටෙක
බිය බිරන්තව අසුබ නිමිති දැක
චකිතයෙන් බැතිමතුන් සැදැහැති
බේරි ඉන්නට යාද තිරුපති
තරුණිය වැලිකතර වෙන්දේසියක
පිහිය ගත් සරසවි පෙම ට්රැජික
අහස් මාලිග සිද්දියේ රහස්
රටක් ඇවිලූ බ්රේකිං නිව්ස්
සියොළඟ ගලන දාහය පිස දමනා
දැකුළු මල් කඩා පිරිසිදු කරන දනා
ගඩොල සිමෙන්තිය නහවයි කහ වතුර
ඩාංඩාං හඬ පැතිරේ යළි මෙපුර
17.04.2023