ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෑස් මුහුද

දෑස් මුහුද

ලලිත් ද සිල්වා - නුගේගොඩ
2022-September

දෑස් මුහුදේ ගැඹුරු පතුලේ
කිමිදි ……කිමිදී ….ඔබව සෙව්වෙමි

දුරින් බැලුවෙමි
ළඟින් බැලුවෙමි
එබී බැලුවෙමි
ඔබේ දෑසට …….

අඳුරු කරුවල දුං කවුළු බඳු
ඔබේ දෑසින් ඔබව සෙව්වෙමි
දෑස් මුහුදේ
කිමිදි ……කිමිදී ….ඔබව සෙව්වෙමි
ඔබ සොයන්නෙමි

ඔබේ දෑසේ ගැඹුරු පතුලින්
දිනෙක හමුවුණි මගේ හදවත

(ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් )