ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නන්දාය ඇය……

නන්දාය ඇය……

ෂර්මිලා බංදුනී දංවත්ත
2023-December

අඳුර බෝ වූ පහන් කඳු යට
අඳුර දියකර
දැල්වෙනා ගී සිලය…..ඇය

සුධවල රාත්‍රිය
සුදෙන් සිත්තම් කල
ධවල කෝකිලාවය…..ඇය

සත්‍යය පිරූ
සත්‍යය ගැයූ
සත්‍යයේ ගීතිකාවය….ඇය

පර මල් ඇතිරූ
ගුහා අභියස
සුවඳ මාලතිය…. ඇය

සදානන්ද කරවූ
මධුර රාවෙක
නන්දනීය නන්දාය…..ඇය