
විරහ වේදනාව
සඳ නැති රැයක තරුමල් යුවලක් – අහස ලාවට එලිය කරයි
රළු මහ සයුර එකම කාලගෝට්ටියකි – බිහිසුන් හඬ බියකරුයි
මගේ තනිකම රකින පැල්පතේ නිහඬ බව – රළ හඬ බිඳ දමයි
වෙරළේ සක්මන් කරන මා – ඔබ සයුර මැද දිවි සටනේ
මිලාන වී ගිය දෑස් පිසදමමින් සයුර දෙසබලා සිටින මට
ඈත සිතිජයේ කණුවක් වැන්නනක් ඒ මේ අත දිස් වෙයි
ඒ ඔබව රැගෙන එන ඔරුවද – මා වෙත ටිකටික ලංවෙන්නේ
නැත හිමියනි ඒ ඔබ නොවේ – ඔබට අනතුරක් වත් වීද
සති මාස ගතුඋනා – තව කෙතෙක් ඉවසම්ද දෙවියනි
වැළඳ ගත්තාද දිය රකුසා මගේ රන් කඳව
දිරාපත්ව වියලී වැහැරී ගිය මගේ ගත
වෙරළට ඇදෙන සැඩ රළ පහර සමග එන්නෙමි – ඔබ වෙතට