ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කහටගස්දිගිලියේ කහට vs සිදාදියේ GREEN Tea

කහටගස්දිගිලියේ කහට vs සිදාදියේ GREEN Tea

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට්
2021-December

තිබුනත් කහට
මුව පුරාම සිනාසෙන
බුලත් හපෙන්
අවපැහැයට හරෝගෙන
අල්ලට හකුරු ගෙන
බීගත් කහට මිස
තිබුනේ නැහැ කහට
හද තුල පුරෝගෙන …
සඳ සුරතේ තබා
සුන්දර වදන් දෙන
කමිස කබා මැද
ගුලිවී සැඟවගෙන
නොදුටු කහට වේ
විස මුසු ලොව රැඳුන
සුන්දර සුමුදු සිතුවිලි
අවපැහැ කෙරුන…

08/11/21