ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හැත්තැ පහ සැමරුම…..

හැත්තැ පහ සැමරුම…..

ලක්විජය සාගර පලන්සූරිය
2023-January

හිරු නොබැසි අධි රටින්
නිදහසක් ලබාගෙන
එලබි විසිතුන වසරෙ
හැත්තෑ පහ සපුරලා…

ඒසුද්දො වැවුව තේ
තවම රට රකිනවා
උන් හදපු දුං පාරෙ
කෝච්චිය දුවනවා…

දේශයේ මාමකයො
විජිතයට ගරහමින්
හැත්තැ පහ නිදහසේ
මහ ඉහල සැමරුමක…

පෝෂණය මන්දවී
රෝගින්ට බෙහෙත් නැහැ
ගහකොළට පෝර හිග
හැම දෙයක් ගිනි ගනන්…

ඒවුනත් හැත්තැ පහ
නිදහසේ සැමරුමට
පාලකයො මුල් තැනක
හැම සතය වැය කරයි…

විනිමයත් හිදී ඇත
ලැබෙන මං වැසී ඇත
වංචාව දූෂණය
ඉහවහා ගොසින් ඇත…

පාලකයො හැම බෙදී
එකිනෙකට චෝදනා
බහුතරය දුප්පතුන්
තළුමරා එය අසයි…

දහසකුත් එකත් පැන
හැම එකක් අමතකයි
මුතු ඇටයෙ පුරවැසියො
හැත්තෑ පහ සැමරුමේ