![](https://londonkavi.com/wp-content/uploads/2024/04/88ceaae6-7e8d-4472-a55f-432491ad6d51.jpeg)
විජය කුවේණි
කපු මලින් සුදු සේල ගෙතුවට
තම්බපණ්ණියේ බින්න බැස්සට
පෙම්බැන්ද නුඹ විජය කුමරුට
විජය කුවේණිගේ පෙම් කතාවට ………..
හෙලූ කඳුලැලි නුඹේ දෙනෙතින්
ශාප කෙරුවට බිමේ හෙළයට
ගැලපුමක් නැති විවාහ ගිවිසුම
නුඹට වැරදුනු තැනක් තිබුනද ……………
විජය කුමරුට රහස හංගා
කුවේණිගේ ඒ බලය පෙන්වා
රජ කරන්නට ඔටුනු පළඳා
යනවා කුවේණිය විමන හැරදා …………