ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබට සතුරන් නොමැති නම් …..

ඔබට සතුරන් නොමැති නම් …..

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්
2022-September

ඔබට සතුරන් නොමැති නම් …..

චාල්ස් මැක් කේ (1814 – 1889) ඉංගිරිසි කිවිඳුන්ගේ පැදි පෙළක පරිවර්තනයකි

නැතැයි ඔබට සතුරු අයකු, කියයි ද ඔබ මගේ මිතුර

කණගාටුයි කියන්න එය, හරි දිළිඳුයි ඔබේ වහර

නිබයව කළෙ නම් ඔබ තම රාජකාරි නොකර පැහැර

නියතයි ඔබ ඇතිකරගෙන තිබෙනු සතුරු, දනන් අතර

සතුරන් නැති ඔබ කිසිවිට කර නැහැ වැදගත් මෙහෙයක්

දී නැහැ ඔබ පාවාදෙන කෙනෙකුට සැර පා පහරක්

නැහැ ඔබ එළි කර බොරුවක්, නිවැරදි කර කිසි වරදක්

වංක නිවටයෙකි ඔබ සටනෙදි පසුබැසි, නැහැ සැකයක් ….!