
මහා සුළඟට නොමියෙනා තුරු
ලතා සෙලවෙන ඇසිල්ලේ
බඹරු හැම තැන සොයනවා රොන්
ගන්න මල් පැණි කුමරියේ …
විසල් අහසට දරාගනු බැරි
වේදනා මහ පොලොව සේ…
නිමා නොවනා ගිණි කන්ද ලෙස
පුපුරවයි දුක පපුතුරේ…
සදා විඳවා ගැරහුම් ම ලොව
බිහි කරයි සඳ නාරියේ…
දරුපෙමට වුව විඳවන්නේ කිම
කඳුළු සඟවා රැජිනියේ
පුරා පැහැබර සඳට කීවට
නෑසුනා සේ සිටින්නේ…
මලක මොළකැටි සියුම් පෙති මත
ලියයි ගීයක් ලියන්නේ…
අමුණන්න ඒ කඳුළු කැට ගෙන
සවියක්ම වී නුඹ ගෙලේ
නැඟිටින්න අත දෙන්න කුමරිය
ඔබයි ඇරඹුම විශ්වයේ…