ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මුතු ඇටේ අවුරුද්ද..

මුතු ඇටේ අවුරුද්ද..

ලක්විජය සාගර පලන්සූරිය
2023-May

දෙවසරක නිහඩයක්
අලුත් අවුරුදු උදාවක්
කලක රුපියල් එකතුවක්
අවුරුදු කා නිමාවක්…

නව වසර කඩපිලේ
මහ සෙනග පෝලිමේ
බඩුමුට්ටු අතගායි
මිල ගැනුම කල්දායි…

කිව් ආර් එන්නතින්
ගමන් හැම පාලනේ
ඔනෑකම් පැවතියත්
නෑ..ගමන් වියලිලා…

බැදුම් තෙල් මිල ගනන්
රොකොට්ටුවෙ ඉහළ ගොස්
කැවිලි හැදි පසෙකලා
කඩ කැවුම් මිලට ගෙන…

නැකත්කරු වර්ණවී
නව වසරෙ ඇදුමෙ හැඩ
වෛවර්ණ ගතකරල
අවුරුද්දේ ඇදුමටත්
තොරන් සිරි ගෙනල්ලා …

අයි එෆ් නය සතුටු
රතිඤ්ඤා හඩට පසු
නව වසරෙ පත්තුවුනු
රතිඤ්ඤා හඩ ඇසුනි….

අවුරුද්ද හොදට කමු
මිල වුවත් හොඳට බොමු
හෙටක් ගැන නොසිතලා
අද දවසෙ ජොලි කරමු…

අතට හසුවු හැම දෙයක්
විකුනාලා දිවි ගෙවමු
එලබි වස ලැහැස්තිය
නයට කා දිවි ගෙවුම ….

කැලෑ රිලවුන් හැමට
චීන රට ඉල්ලුමක්
නව වසරෙ ඩොලර් කොල
ලබගැනුමෙ මරු වැඩක්…

ඉන්දු සයුරු මුතු ඇටේ
නව වසර නිමාවිය
එහි ජොලිය සුලෙගෙ ගොස්
නැවත දුක් අරගලේ……….