ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එතැනත් තව තැනක් විතරයි මල් පිපෙන…

එතැනත් තව තැනක් විතරයි මල් පිපෙන…

කපිල ෆොන්සේකා - කොළඹ
2022-November

එතැනත් තව තැනක් විතරයි මල් පිපෙන…

තැනින් තැනට ගිහින්
මොන විදිහට බැලුවත්
තැන් කියන්නෙ වෙනසක් නෑ
එක වගේම තමයි!
හැම තැනක්ම තවත් තැනක්
එක වගේම තමයි!

වෙනස් වෙන්නෙ එකම දෙයයි
කාලය පමණයි!
තැන් තැන් වල උරුමය ඒ
කාලයටම තමයි!

ආ.. තව එක දෙයක්..
ඒ තැන් වල පිපෙන මලුත්
උරුමය අපෙ නොවෙයි!

කොතැන ගිහින් බැලුවත්
මල් පිපිලා තියෙයි
ඒ මල් වල පාට සුවඳ
උරුමය මල් වලටයි!
ඒ මල් වල උරුමය
ඒ ඒ තැන් වලටයි!
අපට උරුම නොවෙයි!

අපට උරුම අප ඉන්නා
කාලය පමණයි!

තැන් වල උරුමය ඉල්ලා
පිපි මල් පොඩි කලොත්
අපෙ කාලය ඉවර වෙද්දි
මල් පරවී තියෙයි
තැන් විතරක් ඉතුරු වේවි
මල් පරවී තියෙයි!

2022.01.30