ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපි දෙන්න කුල දෙකක

අපි දෙන්න කුල දෙකක

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
2023-March

එකම ඔරුවේ නැගී
නදිය තරණය කරන
එකම තොටියෙක් එක්ක
එගොඩ යන මෙගොඩ එන
එකම තක්සලාවක
අකුරු කලමුත් එකට
ගං දෑල දෙකෙළවර
අපි දෙන්න කුල දෙකක

ප‌‌‌රපුරෙන් පරපුරට
දරුවන්ගෙ සිත් ඇතුලෙ
වෙනස්කම පින්තාරු කරනවා
මෝහයම සිතුවමට නගනවා

කසට සලුපිලි වලත්
කුලේ කිලි තවරගෙන
පිරිත් පැන් කලවලින් දොවනවා
පැල්ලම පරෙස්සන් කරනවා

මලවි හී සරවලට කුලේ මල් අමුන ගෙන
මල්සරා බේරෙ ලඟ පෙම් හසුන් ලියනවා
ප්‍රේමයට මිල ගණන් කියනවා
සනුහරේ මානෙ කලු මදින⁣වා

අතීතයෙ නොරිස්සුම් කඩතුරා
හෙට දිනේ පාවාඩ සේ එලා
සොඳුරියේ නෙලාගමු ප්‍රේමයේ අස්වැන්න
ගං දෑලෙ මිනිස්කම වපූරලා

26.02.2022