
පෙර දිනක අවන්හලක දුටු දසුනක් මගේ සංවේදී දෑසින්….
කල්ලගේ සොමි වැල්….
අවන්හලට ගොඩ උනාම – තනිකර නුඹ දුවගෙ ලඟිං
තනි සුද්දෙක් ඉන්නව දැක – පයින්ට් එකක් බියර් අරං
එංගලන්තෙ ඔරිමජිනල් – ගිනස් ස්ටවුට් එකක් අරං
ආතල් එක ඇඟ පුරාම – උණුහුම් කර ගන්න ගමං
සුද්දගේ සුසුම් වැල්…..
දිවි ගමනෙ නාටකේ – තිරය වැසුමට කලින්
මී විතක උණුහුමට – Pub එකට ගොඩ උනත්
නුඹේ සුපුරුදු සුවඳ – සොඳුරියේ දැනෙයි මට
මා නුඹව මුනගැසුනු – අවන්හල එලෙසමයි