යම රජුටත් පගා…!
විහාරයක වූ යම රජ
පිලිමයකී…
දිහා ඒක, බැලු විට මා
දුටු දෙයකී…
මහා කාසි තොගයක් විසි
කළ සෙයකී…
වහා ගත් සෙයාරුව
දුන්නේ බියකී…
මෙමඟින් සැමට පැවසෙන
පැහැදිලි කරුණ…
කිමදැයි අසමි ඔබගෙන්,
වැඩිහිටි,තරුණ…
එම දේ පෙනෙනවා පොත
මත ඒ ඇරුණ…
නොමනා වැඩකි, නැති
කරවන අපෙ වරුණ…
දීමට පගා පුරුදුව
ඇති නිසාමද…
යෑමට කලිං නිරයට ,
එය සිතාමද…
කෑමට ලැබෙන වද අඩු
කර ගැනීමද…
දෑමට පඬුරු, සිතුවේ,
‘පව්පොතේ’ මැද…
ඕව මෙහෙදි වැඩ
කෙරුවට නිරයෙදි නම්…
කෑව සමයි ඉල්ලං
වස, සිතනෙමි මම් …
පෑව උජාරුව නැතිවෙයි
ලැබ දඬුවම් …
ඒව සිතට ගෙන පුරනුව
හොඳ මනුදම්…