![](https://londonkavi.com/wp-content/uploads/2023/12/91a29f7d-71e3-41a5-917d-eaa03e8af1d1.jpeg)
පාට දිය වුණි රෝස කුසුමක.!
අමාවක පුර පෝය හදකට
පෙමින් බැඳෙමින් මා හදේ උමතුව
දිනෙන් දින නුඹ රුවත් නොදැකම
අහස් කුස් තල සිඹිනුයේ කිම ?
ඇනුණු හද නුඹෙ තියුණු කටුවල
නොවේ පෙති අග දෙතොල තැබුමට
ගොතා නිම කළ හැගුම් පදවැල
ගසා සරසමි නුඹේ හිස මත.
බිළිදු වෙස් ගෙන දෑස් අභියස
කදුළු ඇයි මේ දෙනෙත් තෙත් කළ
ටිකින් ටික මුතු පුංචි කැට ලෙස
කඩා වැටෙමින් මගේ උර මත
එතෙක් නොදැනී තිබුණු පෙමකට
පාට දිය වුණි රෝස කුසුමක.!