ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුරු රට සිට හෙලන සුසුම්

දුරු රට සිට හෙලන සුසුම්

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම
2022-December

සුලඟේ මා රැගෙන යන්න
මගේ මහ පොලව මත දුක් විදිනා
සහසක් මිනිසුන් සනසන්නට
මගේ සුසුම් සමගම මා ගෙන යන්න

කුසගිනි දරුවන් හඩනා
අසරණ මව් පියන් නිහඩව වැලපෙනා
මගේ රටේ මිනිසුන් වෙතට
මගේ සෙනෙහස් සුසුම් රැගෙන යන්න

දුරු රටක නොහඳුනන මිනිසුන් අතර
අතරමංව හුරු සුවඳක් සොයනා
මගේ රටේ දහදිය සුවඳ විදින්නට
සුලඟේ මා රැගෙන යන්න