ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Catwalk

Catwalk

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2022-September

කවියාගේ කවි සිතුවිලි,…….
ගීයක හඬින් ලඳුන් ගයද්දී
දේදුනු පැහැයෙන් සැරසුණු
ලඳුන් එකට වෙලෙමින්
වේදිකාවෙ රඟන රැඟුම්
මනරම්ය ……

අත්පොලසන් හඬ,….
සිසාරමින් ඇදී යයි …….
මිතුරු ඔබ ලියූ කවි කොළ
සුළඟින් ඈතින් ඈතට,……
පාවී ,…..පාවී ,…..
දෙපතුල් සිප ගත්තේ
අන් සරණක්පතමින්,………

කලා ලොවෙහි රස හඳුනන
කලාත්මක හදවතක්
මුද්‍රිත මෝස්තරයක් සේ
දෙපා සිපගත් කවි පෙල,…..
සුසිනිඳු සළුවක හැඩ ගන්වා
මැසූ විලාසිතා ඇඳුමකින්
වත සරසාගත් නිරූපිකාවිය
ඔල්වරසන් හඬ මැදින්
Catwalk වේදිකාවෙ
ලාලිත්‍ය ගමනේ,……..

මිතුර මා නෙත් පිරවූ තුටු කදුළු
ඔබ වෙනුවෙන් දියත් කර
පෑන් තුඩින් රසිකයන්ට
සෙනෙහසින් පිළිගන්වමින්
ඉදිරිය සතුටින් බලා ඉන්නම්.

14/08/2022