![](https://londonkavi.com/wp-content/uploads/2023/11/bab67f76aa0372766f388c62467c0b95_500x500.jpg)
නන්දාය ඇය……
අඳුර බෝ වූ පහන් කඳු යට
අඳුර දියකර
දැල්වෙනා ගී සිලය…..ඇය
සුධවල රාත්‍රිය
සුදෙන් සිත්තම් කල
ධවල කෝකිලාවය…..ඇය
සත්‍යය පිරූ
සත්‍යය ගැයූ
සත්‍යයේ ගීතිකාවය….ඇය
පර මල් ඇතිරූ
ගුහා අභියස
සුවඳ මාලතිය…. ඇය
සදානන්ද කරවූ
මධුර රාවෙක
නන්දනීය නන්දාය…..ඇය