ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පරිසරය

පරිසරය

ගුණ‍සේකර හිරිපිටිය - හෝමාගම
2021-December

කුඩා දරුවනේ – කුඩා දරුවනේ
අපට ලැබී ඇති දේ ගැන ටිකක් සිතන්න‍
ගෙයින් පිටත බලන්න – එළියට බැහැල බලන්න
ඉගිලෙන ලස්සන කුරුල්ලො දිහා බලන්න
පොඩි කුරුල්ලො ලොකු කුරුල්ලො
එක එක පාටින් – එක එක හැඩයෙන්
මොනරුන් බටීටිචීචන් කුකුළන් පිළිහුඩුවන්
ගේකුරුල්ලො කොක්කු මයිනො ගිරවි පරෙවියන්
කුරුල්ල්න්ගෙ නම් කියන්න මට ‍නොහැකි තරම්
ඉගිලෙන ලස්සන සමනල රංචු බලන්න
පොඩි සමනල්ලු – ලොකු සමනල්ලු – එක එක පාටින්
ගහින් ගහට පනින වඳුරො දිහා බලන්න
හරි හපන්නු නේද
තවත් බොහොම සතුන් ඇතේ ඔබට බලන්න
මුවන් අලි ඇතුන් ඇතුළු රුදුරු වන සතුන්
එවුන්ගෙ නම් කියාගන්න මට නොහැක් තරම්
දුවේ පුතේ ඔබ මල් ගස් දිහා බලන්න
නෙත් පිනවන මල් පිපිලා එක එක පාටින්
එක එක හැඩයෙන්
මල් ගස් වල නම් කියන්න මට නොහැකි තරම්
දුවේ පු‍තේ පලතුරු ගස් දිහා බලන්න
අඹ නාරං ඡම්බු පේර කෙසෙල් පැණි දොඩම්
කජු ගස් ලබු දිවුල් වෙරළු ලොවි මොර රඹුටන්
රසවත් පලතුරු එමටයි
ඒවායේ නම් කියන්න මට නොහැකි තරම්
සිත යොමු කරමු දැන් අපි එලවළු වලට
බෝංචි කරවිල පතෝල දඹල පිපිඤ්ඤා
රාබු කැරට් බටු වැටකොළු මෑ බණ්ඩක්කා
කතුරුමුරුංගා සාරණ නිවිති තම්පලා
මුකුණුවැන්න ගොටුකොල ගෙඳ කොහිල තණපලා
ගුණවත් එලවළු එමටයි
ඒවායේ නම් කියන්න මට නොහැකි තරම්
දින ගණනක් අහස දිහා හොඳින් බලන්න
හත් පාටින් හැඩවූ දේදුන්න බලන්න
සඳ දිහා බලන්න
පිපිච්ච මල් වැනි තරු ඔබ ගණන් කරන්න
හැකි නම් ගණන් කරන්න
කියන්න දේ එමට ඇතේ කුඩා දරුවනේ
අපි දැනට නවතිමු – අපි පසුව හමුවෙමු
පරිසරය උගනිමු – පරිසරය සුරකිමු