
තැන්පතුව
කළෙමි සොරකම දෙනුවනින්
කළෙමි තැන්පත් හදවතේ
එසේ වූ බව නොදනි කිසිවෙක්
පවුරු බැඳි මා හදවතේ
දිනපතා එහි වැඩෙන අගයට
වැල්පොළිය ගැනලා බලන්නට
ගණිත මිණිතෙට දුර්වලය මම
කෝ ඉතින් කිව හැක්කෙ කාටද
සඳවතිය ඇය ධනවතිය ඇය
සිය දහසකට තැන්පතු සදා දුන්
නොදත්තී ඈ දන් දුන්නු බව
දිගු දෙනෙත තැන්පතු සදන්නට