ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සොහොයුරු  ප්‍රේමය

සොහොයුරු  ප්‍රේමය

වෛද්‍ය ශානි ඇන්තනි - ලන්ඩනය
2021-August

උණුම උණු
ළපටිම ළපටි
රළුම රළු
මටසිළුටු  … සොයුරු  පෙම

දෙනෙත තෙත් වූ
ඉකි බිඳ හැඬූ
තරහින්  වෙලූ
නොදොඩා දෙඩූ … සොයුරු  පෙම

රළු පරළු වන්නම්
රැවුම් ගෙරවුම්
කෙළි කවට සරදම්
පළු පැලෙන බැණුම්  කැන්දූ … සොයුරු  පෙම

කර වට අත යොමා
නලලට නලල තබා
ඇස් මත ඇස් හොවා
දිගු දිව කරකවා  …  උසුලු පෑ සොයුරු පෙම

වයසින්  මුහුකුරා
හද පතුල පීරා
හීනෙක නිදිකිරා
තෙපුලින් රැස් දරා … තුරුල් වෙන සොයුරු  පෙම

09/07/21