
එකෝමත් එක සීත දවසක…
ඉනේසා මගේ දයාදර මිතුරිය එක්ක
මතක් වෙනවා ඇවිදපු තරම් හිම පියළි උඩ
සුදුමැලි උනත් සීතලේ ඇගේ මුව,
සීත සිසිරයේ ඇහැරෙන
වියෝලා පෙත්තෙ පාටමයි ඒ ඇස් යුවල…
විහිදාන කාන්තිය සීතල ඉරාගෙන
රූරගෙන ආදරේ වැගිරුණා ඈ ගාව හැමදාම…
ඔබේ නමටත් වැඩිය පිවිතුරුයි
ඔබ ,ඔබේ සිත හා කාව්යක්කාර සංවාද…
ඉතින් ඉනේසා මම ආයෙත් ආවොත්
ඔබේ මව්බිමේ ආඩම්බර දේවදාර ගස් පාමුලට
සිසිරයේ හිමෙන් වැසුණාම හාත්පසම
දිව්රන්න ඔබත් එන බව
මතක හිම පියල්ලක්ව නැහැ පුඩුව මත
සීතලට වැටෙන්න…