ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිදහස ට කවි

නිදහස ට කවි

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
2022-February

නිදහස ට කවි

නිහඬ වී ඉනු කිමද
දනෝ හැඟුමින් තොරව
හදන්නට උපන් රට
සවිය නැතිදෝ හිතට

නිමා නැති හිඟමනින්
දහ අතට ණය වෙවී
හදාගන්නේ කෙලෙස
සව් සිරින් පිරි රටක්

නිසරු වේවී පොළොව
දහදියෙන් තෙත් නොවන
හරිත ගස් වැල් පවා
සහමුලින් වැටෙන විට

නිදහසේ පල නොලද
දශක සතකුත් ඉක්ම
හසරැලි නගා කෙලෙස
සමරමුද නිදහසක්

නිසරු පිළිවෙත් නසා
දහිරියෙන් සිත් බැඳී
හදාගමු රකිමු රට
සමගියෙන් පෙළ ගැසී

12/01/2022