ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිවටයින්ගේ සුයාමය

නිවටයින්ගේ සුයාමය

නීතීඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය
2022-March

 

සාමය නම් සැබෑ
නොපැවැත්ම නොව යුද්ධයේ
හුදු පැවැත්මයි යුක්තියේ

අයුක්තිය නීතිය වූ තැන
ප්‍රතිරෝධය මිනිස් අයිතියක්මය

කරයි වන්දනා, උගත් නූගත් නිවටයින්
දකිමින් උත්තරීතරයන්සේ බලධාරී වංචනිකයින්
පුදයි උන්හට තම අයිතීන් ලබමින් ප්‍රතිලාභ යහමින්
නොදකියි අනුන්, පහසට අවලකෙලි හා උනුන්
ගසයි පිණුම්, දෙවිවරු පය නොගසන බිම බියෙන්

මේ නිවටයින්ගේ සුයාමයයි.