ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉරිසියාව……..

ඉරිසියාව……..

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2024-February

ගීයක සුමිහිරි නාදය අසලා
සැනසෙන මනු කැළ දෙස නෙත රඳලා
දෙසවන් අහිමිවු ඔහු ඉකි බිඳලා
සවනත ලැබ දෙන විලසට
යැදලා.

එසඳ සියල් දන දෙසවන් වසලා
කටුක රුදුරු දේ නොඅසමු
කියලා
ඔහු අබිමුව සිට මේ ලෙස
සිතලා
මුළු ලොව නෑසෙන විලසට
පතලා.