ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා - ජර්මනිය
2021-August

සාගරයේ දිය
ලුණු රස වූයේ
දුක වෙනුවෙන්
හැඬු
අසරණයින්ගේ
කඳුළු දියවෙලයි

මුහුද අඬනවා
අපට ඇහෙනවා
රළ ගොන්නක් විත්
වෙරළේ හැපෙනවා

නොකියූ කතාවක්
වැළි මත ලියලා
කියවන්නට පෙර
යළි එය මැකිළා

කැස්බෑවුන් හා
දඟ ඩොල්ෆින්ලා
සතුන් වුවත් උන්
හට ඇති අයිතිය
ගැන දොඩමළු වෙමු
දිවිහිමියෙන් ඒ
අයිතිය සුරකිමු
ගොඩබිම සිට අපි මුහුද බලා ඉමු

පොළොව උලා කෑ
උන්ම පෙරට විත්
දැයේ තරුණ පෙළ
පරලොව යැවූ විට
හිත් පිත් නැති මිනිසුන් හැඬු වේ නැතිමුත්
වෙරළේ හැපි හැපි මුහුදත් ඇඬුවා.

මහ මුහුදත්
ලස්සන ජීවිතයක්
කඳුළුවලින් පිරි
කතා එකතුවක්
ඒ කඳුළේ ලුණු
රස එක්වීලා

මුහුදට අපි
ආදරය කරනවා
මුහුදත් අපහට
තව ළංවෙනවා
කාලය රළපතරට
මුසු වෙනවා
සුසුම් වැල් ද ඒ
අතරට එක් වෙනවා

සාගර පතුලෙන්
එන ඔය කඳුලැලි
ගලා ගියාදෙන්
දෝරේ යන ලෙස
ඒත් නගෝ තව එක කඳුළක් වත්
රැකගන්
කුසගින්නේ මියැදෙන්නන්
වෙණුවෙන්

04.07.21