ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එයා අවොත්

එයා අවොත්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී  විජේසිංහ - ඕමානය
2021-May

පරණ පෙම්වතිය මම දන්නවා
හිත ඇතුලෙ තවම ඇති හිතනවා
ආවොතින් නිවස දොර අරිනවා
කතාවට පොඩි ඉඩක් හරිනවා

ඉක්මනින් ගිහින් තේ හදනවා
කුස්සියේ ඉඳ අහන් ඉන්නවා
කතා හඬ නැවතුනොත් ඇහෙනවා
ඇත්තමයි හැන්ද බිම දමනවා

උගුර පාදා ටිකක් කහිනවා
විටින් විට සාලයට එබෙනවා
අනේ ගමනක් යන්න තියෙනවා
ආයේ දවසක එන්න කියනවා

නොදන්නව වගේ මම ඉන්නවා
එයා හරි හොඳයි මම කියනවා
හිනාවක්‌ ආවොතින් දන්නවා
සත්තමයි මම නාඩි ගනිනවා

ටිකක් විමසිල්ලෙන්ම ඉන්නවා
තනි නොකර තුරුළු කර ගන්නවා
මම හොඳයි  තේරෙන්න අරිනවා
අපිත් එහෙ යමු කියලා කියනවා

2021/4