සරුංගලී….
ඈත අහසට
අයිති බව නුඹ
දන්නවා මම
සරුංගලී….
පාට කොළගෙන
ළඟට කරගන
සැරසු හැටි මම
සරුංගලී….
මතක ගොන්නක
අතරමැද මම
තවම ඉන්නේ
සරුංගලී….
උඩු සුළඟ අද
නුඹේ සෙනෙහස
අයිති කරගෙන
සරුංගලී….
ටිකක් හෙමිහිට
නූල ඇදපන්
රිදෙනවා මට
සරුංගලී….
මමත් ඇද්දොත්
නුබට රිදෙනවා
බැහැ අදින්නට
සරුංගලී….
තවත් බැරිවෙයි
දරා ඉන්නට
අත්හරිමි නුඹ
සරුංගලී……
හුලං වැඩිනම්
පහළ බැහැපන්
මග බලන්.. මම
සරුංගලී……..
Photo; Giuseppe Famiani