ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුපුරුදු සිනහව පානු මැන ……..

සුපුරුදු සිනහව පානු මැන ……..

අනුර හෑගොඩ
2022-August

දැනට අට මසකට පමණ පෙර ශ්‍යාම කුමාර මුණසිංහ කිවිඳානන් ගේ ‘ඉරි’ කාව්‍ය සංග්‍රහය ලන්ඩනයේ සිට Zoom තාක්ෂනය මඟින් දොරට වැඩි දා ඒ පිළිබඳව දේශයක් කල ජැක්සන් ඇන්තනී ශූරින් හඳුන්වාදීමට මෙම කවි දෙක ලීවෙමි. ඔහු හඳුන්වාදීමට මට හැකියාවක් නොමැති බවද මේ ඔහු ගේ කුසලතා පිළිබඳව සියයට පනහක් බව ද සඳහන් කලෙමි.

අලගියවන්න මුකවෙටි කවි පඬි වියත
ලිව් කරුණක් වේය සැකයක් ඇත මවෙත
“ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත”
එහෙනම් කෙලෙස ජැක්සන් දිනුවේ දසත

රැඟුම නැටුම ගැයුමට එක ලෙස සූර
කථනය අරුම බස් වහරකි බරසාර
සකල කලා පිරි ලැබූ ජන උපහාර
ජැක්සන් ඇන්තනිඳු ඉරි ඔබටයි බාර

අද අපි ඔබ සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙත බාර දී , සුවපත් කරදෙන ලෙස යාඥා කරන්නෙමු.