රඟපාමි…..
ඔබේ නෙත් මා වෙත රැඳේ
මගේ සිත වෙනතක ඇදේ
මා කියන දෙබසක පදේ
අසා ඔබෙ ඉලඇට රිදේ
වේදිකාවේ සිට මෙමා
රඟමි තුටුකර ඔබ සැමා
පියවි රැඟුමන් නැත නිමා
මගෙ චරිතයත් මේ තමා
සතුටු කර සැම සිනාවෙ න්
ප්රේක්ෂක ප්රතිචාරයෙ න්
කඳුළු නෙත් අග පුරවමි න්
තිරය පහතට වැටෙයි දැ න්
රැඟුම ජීවිත කරලි යේ
සිනහවෙන් තොරවී ති යේ
මමද ඔබ මෙන් කාසි යේ
එකම පැත්තේ දාර යේ