ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දැක්ම ……

දැක්ම ……

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2023-July

පුන් සඳ නැති තරු අහසේ
පායා දිලෙනා තරුවක්
ආයාචනයක් විලසින්
නිවි නිවි දිදුලනු දුටුවා.

ඈත එපිට අහස් තලේ
දිලෙනා ඒ රන් රුව දෙස
වඩා ලඟින් දකිනු රිසිව
දුර දක්නයකින් බැලුවා.

නෙත සනසන දසුනක් නොව
හද නළවන සිතුමක් නොව
දුහුවිල්ලෙන් කඬොලු වලින්
පිරුණු ලොවක් නෙත දුටුවා.