ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුස්තකාලය

පුස්තකාලය

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
2022-November

බිත්ති හතරක් ඇතත්
ගොඩනැඟිල්ලක්ම නෙවෙයි මම
මතකයන් දරාගෙන
දැනුම එකතු කරන
දැනුම බෙදා හැරපු
අතීතයක්

ආව ගිය අය බොහෝමයි
ගොඩක් ලොකු තැන්වල
මම එකම තැන හිටියාට

එකම එක පැනයකට
උත්තරය දකින්නට
සිය ගණන් පොත් බලපු
පරම්පරා ගණනක්ම
ගූගල් දෙයියා
වඩින්නට පෙර

නොසිටියා නොවේ ඉස්සර
මුවා වී රාක්කෙට
පෙම් වදන් මුමුණව්ව
ෆෝන් යුගයට කලින්
පොත් අස්සෙ විටින් විට
පෙම් හසුන් එහෙ මෙහේ ගෙනියව්ව
දැන් වෙනම වෙනම ආවට

පරණම පරණ හිතවතුන්
ඉඳ හිට පෙන්ෂන්දාට
දඩ මුදල් අරගෙනම
එනවා බැහැ දකින්නට

වෙනස් නොවෙනම දෙය
වෙනස්වීමම නොව
වෙනස් වෙද්දිත්
නොවෙනස්ව ඉඳීමය