ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහැදුරු තුමනි ගනු මැන ආසිරි කවියෙන්…

මහැදුරු තුමනි ගනු මැන ආසිරි කවියෙන්…

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
2023-July

අරුමැසි සුනිල දිය උල්පත කඳු මුදුනින්
නෙකවැසි දියැලි හළමින් මී රස මවමින්
රිසි රිසි අරුම අතු ගංගාවල් හදමින්
නිසි නිසි කලට ගැලුවැයි මී පැණි කන්දෙන්

අතු ගඟවල් කලා කෙත රස සාර කරන්
නෙතු මතු නොව සිතෙත් ආදර රස තවරන්
පිතු සෙනෙහයක්මය සිව්දිග රස එක්තැන්
කතු ඔබමැයි හදට ගී කියු මුතු අකුරින්

රිදියෙන් තැවරු තිරයද ගීයද සරසන්
සන්සුන් වදන් සරසවි බිම මල් පූදන්
ඇසුවන් හද උඩින් සත් මල් කිනිති නමන්
කිරණින් රිවි ආයු ගනු මැන මහ ඇදුරුන්

ජූලි 28 වෙනිදාට යෙදෙන මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ 74 වෙනි ජන්ම දිනය නිමිත්තෙනි .