ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මද්දුම බණ්ඩාර පුතුට….

මද්දුම බණ්ඩාර පුතුට….

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
2022-July

කොළඹ නගරෙට මහ දුරක් නැහැ
උඹ මැරුණු මහනුවර ඉඳලා…
නොමැරුවත්, උඹ වගේ පොඩි උන්
අදත් නොදැනිම යනවා මැරිලා…
“මැරෙන හැටි” නං පුතේ මොකටද..
තවත් එකෙකුට කියාදීලා…
කියාපන්,මිය ගියත් විරුවකු
වෙන්න පුළුවන් සටන් කරලා..

බන්ඩාර මද්දුම පුතේ උඹ
මැරෙන හැටි තව වරක් හිතපන්….
මැරෙන්නට බය නැති උනත් උඹ,
අවසාන මොහොතෙත් සටන් කරපන්…
දංගෙඩිය උඩ හිස තියන්නට
කලින් රජුගේ දිහා බලපන්…
පරයෙකුට බිය නොවන බව
මහ රජුට උඹ කෑ ගහලා කියපන්……

2022.06.25