ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපූරු අතදීම…!

අපූරු අතදීම…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2023-June

සමහර උදවිය ඉන්නේ බඩ
බැඳගත් මිතුරු ලෙසින්…
මනහර වූ දේ පවසයි උදව්
පදව් කරන වෙසින්…
එනහර තුල ඇති රුහිරය රුදුරු
බවක් දිනෙක ඇසින්..,
තිරසර වම දකින්නෙ අප වැටුනු
කලයි සතර දෙසින්…

රඟ දක්වන සොඳුරු චරිත නිසා සැවොම රැවටෙනවා…
ළඟ සිටියත් සිත තුල ඇති දේ
දැකුමට බැරිවෙනවා…
අඟ උඩ රැඳිලා ඉඳගෙන නොදැනෙන්ටම කන කනවා…
මඟ හරහට වැට බැඳුමට
දස්කම උන් සතුවනවා…

කැපූ වලේ වැටිලා ඉන් ගොඩ
එන්නට දඟලන කල…
සැපූ සපුන් අත දෙන්නට
හදනා බව පෙන්වයි, බල..!
අපූරුවට ඇති හිණිමඟ
පසෙකින් තිබුණත්, කිම පල…
එපූරුවේ පවකට හමුවන අය
බව යුතු, සිහිකළ…