ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2023 අප්‍රේල් කලාපය
සත්සර ස්වර රස ධ්වනි මාලා
දෙතොලඟ හැඩවී රංගනයෙන් මුමුණාලා
ශ්‍රාවක හදසන්තානේ මිහිරාවෙන් ගැබ්ගන්වා
ගී මීවිත පොවලා දෙසවන් මත්කරලා
රසෝඝයේ උල්පත් ධාරා මතුකරලා
හිරු සඳුසේ ඔබ අවරගිරෙන් බැසලා
ජීවමානවම නින්නාදය ඒ නාද රටා ගී රැස් මාලා
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
සිංහල දමිළ අවුරුද්දේ , මේෂ රාශිය , සෞභාග්‍යයෙන් සපිරි මේස රාසියක් වේවා!
සියොත් කැළ නැගී නුබ ගැබ සතර දෙසින්
බලත් කිමද නෑසෙනු ගී මිහිර ඉතින්
ඇවිත් ගදඹ දෙව් සරසවි සමග හොරෙන්
සනත් නන්දසිරි කොවුලිඳු රැගෙන ගිහින්
කෙසෙර නදකි නෙක කෙඳිරුම් හඬ අතරේ
ගැඹුර දුටිමු හිසපිරි සිප් නැණ සයුරේ
ඉතිර ගැලූ ළය මනුදම් දිය දහරේ
වැතිර නහනු කෙළෙසද යළි ප්‍රිය මිතුරේ
හෙළ ගී කෙතේ රන් බිජුවට වපුළ බැවින්
දුල පුන් සඳක් විය තරු රැස අතර නිතින්
නල වැල් පුරා මුහුවුණු ගී මිහිර අරන්
බල මැන පිපෙනයුරු කොඳමල් සතර අතින්
අමයුරු ගැයුම් අසනා රිසි තිදස ලියන්
සුමිතුරු ඔබව කැඳවා ගිය නමුදු ඉතින්
ලොව්තුරු සුව ලබා මෙත් බෝසතුන් වෙතින්
මහැදුරු තුමෙණි සැනසෙන් මතුදා නිවනින්
කවිය බලන්න
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි
සරසවි දෙනෙත් උණු කඳුළින් තෙමුන වගයි
ස්වර සප්තකයෙ මියැසිය නිහඬවූ වගයි
මනරම් ගී සයුර නැගු හඬ මිලින වගයි
නුඹ රැදී ගී සඳක් අහසින් වැටුණු වගයි
------
මිනිසත් කමෙන් පිරිපුන් හදවතක් ය
කවදත් සෙනෙහසින් පිරි මුදුසිතක් ය
ගැඹුරත් නොගැඹුරත් දුටු පරතෙරක් ය
දුටුවත් නොදුටුවත් පරසතුමලක් ය
----
අත ගැටි කලේ තැබු සත්සර රටා වෙන්
ඇත ගිය මහ දුරක් රැදී තක්ෂලා වෙන්
සිත පැහැසර නැගූ හද නිල් වළා වෙන්
නැත ගී අඹරෙ සඳ අද තරු රටා වෙන්
----
ස්වර සප්තකය ගෙන ගිය ගවු දහස් දුර
වර ලත් දනෝ හෙළ මියැසියෙ පරස් පර
රසතැන් සොයසොයා යනමඟ නිරන්තර
තුන් කල් පුරා ගෙනදේ රස දොරින් දොර
---
තෙපලූ වදන් වුව සත්සර හඬින් මුසු
සත්දන වැළදගති විස්වයෙ කොතැන ඇසු
ස්වර යෙන් සිත් නිවූ පින දී දිවය ඔසු
සත්තයි හෙටත් ඔබ එයි යළි අදින් පසු
---
සාහිත ලොවේ නව මං තල සොයා ගිය
නෑ ඔබ අතැර රජකෙරුවේ බොහෝ අය
පෑ සෙනහසින් ගෙවු සද දිගු කලක් විය
නෙත් දිය වගුරුවති විත් දන සතර දිය
----
සියොළග තෙදැති එඩිබල වඩවා තිබුණත්
හදවිල සුපිපි නෙළුමක් මෙනි මුදු පැහැපත්
සමගිය සතුට බෙදු නිවසින් පිට සැමටත්
ඔබ මහා කලාකරුවෙකි නිවනට නොගියත්
----
ගිනිදැල් එදා නිවු ඇවුළුණු මුල් ගී යෙන්
හදවත් සිදුරු කළ පේමා දර හී යෙන්
පැල්පත් එකතුකල සුවිසල් මහ පායෙන්
දුම් රොඩු දැක තැවෙති ඔබෙ ඇවිලෙන සෑයෙන්
30/3/2023
කවිය බලන්න
නඳසිරි මැතිඳ
ඉමිහිරි රසට ස්වර අමුණා කන් පිනන
හදවත බසට පණ දුන්නා දිවි නිවන
නොමියෙන හඬින් ගී කෙත සරු කර දිලුන
නඳසිරි මැතිඳු වැපිරූ යුගයක නඳන
රඟහල ටෙලියෙ සිනමාවෙ ද ගුවන් තල
මුදහළ මියැසි පිළිරැව් දෙයි සවන් තල
විදහළ සුරුව ඔහු නෙක නද රටා තල
සිඳහළ සුසුම මුසු වී අද පවන් තල
බෝ මළුවක දි මල් සුවඳක පැටලිගෙන
ගී දැහැනකට ඔහු පෙව් සම වැදීගෙන
සෝ තිමිරය ද සින්දෙමු සුව පුරාගෙන
කෝ අද එරන් පණනල ඇත සොරාගෙන
කේ .පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය ,
රුහුණ විශ්වවිද්‍යාලය .
කවිය බලන්න
මගේ ස්නේහේ යාතිකාවෝ
මගේ ස්නේහේ යාතිකාවෝ
නුඹට නෑසේදෝ...
එදා පෙන්වූ නුඹේ ප්‍රේමය
සැබෑවක් නොවෙදෝ...
වදන් පමණක් දෝ...
නුඹට නෑසේදෝ....
මගේ සුසුමන්
වෙලී පවනේ ගතේ දැවටේදෝ...
මගේ කදුලැලි වැසි වැටෙද්දී
නුඹව නොතෙමීදෝ...
තෙමී දිය වී දෝ...
තෙමී ගල් වී දෝ...
වදන් සිරකල මගේ ගීයේ
තනුව අමතකදෝ...
මගෙන් හැඩවූ නුඹේ සිත්තම්
මතක බොඳ වී දෝ...
රුවක් නොපෙනීදෝ...
රුවක් සැඟවීදෝ...
සංගීතය - නවරත්න ගමගේ
ගායනය - ඉමේෂා තත්සරණි මෙනවිය
ගී පද - තීෂ්‍යා දුල්මිණි
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
බුදිත් මිහිරි මී අඹ රසය සතොසින
ඉඳිත් සොඳුරු ගෙඋයන්වල තුරු මුදුන
සිරිත් මේ ඈ කරතත් කොවුලන් ලෙසින
වසත් කල දැනෙයි රිටු පරපුටු ලෙසින
මිහිරි අඹ රස බොමින් ගෙවුයන්වල ගස් මුදුනේ ලගින
කෝකිලයන් ද කපුටන් ද වෙති. කොවුලන් වගේම මේ
සිරිත් කරතත්, වසන්ත කාලයේ හඬන හඬින් කපුටන්
කොකිලයන්ගෙන් වෙනකොට හඳුනා ගත හැකිය.
කවිය බලන්න
සවනක් බුදුරැස් සිරිලක සිව්දෙස විහිදූ.........
ගිහිසැප හැරයන්න එදවස කුමරුට සිදුහත්
දුටු පෙරනිමිති හතරේ දුටු රුව වියපත්
බක්පෝදාක ගැටුනා කුමරුගෙ යුගනෙත්
වටහාගත්තා එලෙසින් වනබව කාටත්
දියණිය දුන්නදා දායාදෙට දුන්න
රුවන් පුටුව සිතුනා ආපසු ගන්න
අකලට මිලින දියණිය සිහිවන්න
එතනදි මහෝදර විය සටනට යන්න
බෑනා සමඟ මාමා සටනට සැර සුනා
නෑදෑයන් සතුරුවෙලා පිල් බෙදුනා
ගෞතම බුදුසමිඳු එදා ගුවනින් වඩිනා
අඳුර මවා බියගන්වා කලා දේශනා
සම්බුදු සමිඳු වැඩ සිටිමින් දෙව්රම් වෙහෙර
අලුයම බැලුවෙ තුන්ලොව බුදුනෙත් හැර
සටනක දසුන් හෙලදිව පෙනුණා එවර
ගුවනට නැගී වැඩියා බුදුහිමි පවර
දෙව්රම් වෙහෙර දොරටුවෙ කිරපලු ගසේ
මනරම් සමිදි රුක්දෙව් සිටියදි සුවසේ
පෙරකම් දුටුව බුදුහිමි කාටත් රහසේ
ඇරයුම් කළා හෙළදිව වැඩුමට මිතුසේ
නාගයුද්දෙ බුදුබලයෙන් වැලකුනා
අසා බුදුබණ නාගකුලයම පැහැදුනා
මැණික් පුටුවත් බුදු සසුනට පිදුනා
පුටුව වටකොට වඳින්න සෑයක් බැඳුනා
බුදුන්ට දුන් රුවන් පුටුව යලි දුන්නා නාගයින්ට
නාගයින්ව පුටුව තබා බැන්දා දාගැබ වඳින්ට
සමිදි සුමන සුරිඳු ගෙනා කිරිපලු නුග පැලකරන්ට
නාගදීප බිම සිටුවා දුන්නා වැඳ පුදාගන්ට
පස්වන වසර බුදුවී සම්බුදු සමිඳු
දෙවනවර වැඩියෙ ලක්දිව පසිඳු
නාගදීප නාගයුද්දෙ අතර විදු
බුදුමහිමෙන් බක්පෝදා යුද පැරදූ
කවිය බලන්න
වැස්ස, ඇය සහ මම
මං බලා සිටියා
වැහි බීරුම මැදින්
ඔබ එනතුරු
සුකුමල හිනාව රැගෙන
පෙර දා වාගේ
වැහි මීදුම අතරේ
මතු වෙවී දිය වෙවී
ඔබ එනවා
හෙමි හෙමින් පා තියන්
මඩ වතුරේ
වැහි බිංදු පා කරන
සුළං රැලි වලට බෑ
කියඹු වැල් ගලවන්න
කොපුල් මත
රටාවට ඉරි ඇන්ද
වීදුරුව අස්සෙන්
යාන්තං මං දැක්කේ
ඔබේ ඇස් වල කඳුළු
වැහි බිංදු වාගේම
දිළිසෙනා අපූරුව
‘ඇයි ඔයා අඬන්නේ?’
මා ඔබෙන් ඇසුවාට
වැහි වළාකුලු පාට
කොට ගවුමේ රැලි හදන්
කාර් එකට ගොඩ වුණා.
විතරමයි ඔබ
කල්පයක් තරම් දිග
තත්පර ගෙවී ගියා
අප අතර වචනයකුදු
නොදොඩාම,
ඔබ ඉවත බලාගෙන
කාර් එකේ ජනේලෙන්
මට පුරුදු මුණිවත ම
රකිද්දී සීරුවෙන්
පොද වැස්ස නැවතුනා
අහස පැහැබර වුණා.
මදෙස හොරැහින් බලා,
නෙතු අගින් ඔබ,
ඉඟි කලා
වැහි වට බිම
තෙත බරයි තවම
කඳුළු දෙකොපුලේ
දිලිසෙමින් තාමත්
ඔබ සිනාසෙනු දකින
මා දෙනෙත්
තෙත් වෙන්නේ
කුමකටද මට සිතෙයි!
කවිය බලන්න
කැළණි ගං වළප
සුදට සුදේ ඈත දිලේ
කැළණි විහාරේ
වැලි සොයමින් සැඬ පහරේ
පාරුව පාවේ
නා මෙනැවිය පෙර වෙණ ගෑ
කොහිදෝ ඒ ළවැලි තලා
ගිලී ගොස්ද නා ලොවටම
බොර දිය ගැඹරේ.
දිය ගැඹුරුයි රිට නොපොවයි
වක්කලමේ සුළි කැරකෙයි
ගඟ මැද්දේ දවස ගෙවෙයි
පාරුව පාවේ.
වැලි කැටයත් ගොඩට ඇදී
රන් කහවණු බවට හැරේ
කැළණිතිස්ස දවස වගේ.
කැළණි ගඟත් ගොඩට ඇදේ.
මඩ පාටට පෙණ පිඬු නැග
කුණු රොඩු තණ පත් සිඹ සිඹ
කැළණි ගඟත් කම්පා වී
ඉවුරු බිඳී ගොඩට වැදේ
නා මෙනැවිය පෙර වෙණ ගෑ
කොහිදෝ ඒ ළවැලි තලා
ගිලී ගොස්ද නා ලොවටම
බොර දිය ගැඹරේ.
කවිය බලන්න
ඔබෙ රූ ඡයා.....
නොමිනිස් වෙසින් සැරිසරණා මිනිසුන්නේ
ජිවන රථය මොන මාවතෙ පදවන්නේ
මුල මැද මතක නැති අය හැම තැන ඉන්නේ
ඔය රුව යටින් වෙස් මුහුණකි මතුවන්නේ
ක්‍රේම්බ්‍රිජ්
කවිය බලන්න
ඉර හඳ තරු
ඉරයි සඳයි පායන විට එක අහසේ එක විලසට
ඉරටත් හිමි සඳටත් හිමි මල පිපෙන්නේ කොයි විටකද
සවස පුරා සිසිල මවන ලා සඳ හා පෑහෙන්නද
ලහිරු කිරණ සිසිල සොයා උදා ඉරෙන් සැනසෙන්නද
ඉරයි හඳයි අතර දිලෙන තරු රෑනේ මට කියන්න
ඉර හොඳයි ද හඳ හොඳයි ද හිමිහිට ලියලා එවන්න
අහසට නෙත් යොම උන්නේ පණිවිඩයකතතු සොයන්න
කඩා වැටුණු තරුවක් ඒ ගැන කිව්වා මට ඇහෙන්න
ඉරට හඳට අතර මැදිව පාර ඇහුවෙ තරුවකින්
ඉර රස්නෙට මල දැවෙයිලූ නොබැදෙන්නලු ආදරෙන්
හඳ හිටියට අමාවකට ඉන්න වෙයිලූ පාලුවෙන්
තරුව කියයි මම ඉන්නම් ඉර හඳ වගෙ යාලුවෙන්
මලට තරු පෙනුනි
AnA
කවිය බලන්න
තැන්පතුව
කළෙමි සොරකම දෙනුවනින්
කළෙමි තැන්පත් හදවතේ
එසේ වූ බව නොදනි කිසිවෙක්
පවුරු බැඳි මා හදවතේ
දිනපතා එහි වැඩෙන අගයට
වැල්පොළිය ගැනලා බලන්නට
ගණිත මිණිතෙට දුර්වලය මම
කෝ ඉතින් කිව හැක්කෙ කාටද
සඳවතිය ඇය ධනවතිය ඇය
සිය දහසකට තැන්පතු සදා දුන්
නොදත්තී ඈ දන් දුන්නු බව
දිගු දෙනෙත තැන්පතු සදන්නට
කවිය බලන්න
දෙබසක්
බඹරිඳු ඇයි තොප මලට වඩින්නේ
රොන් ගන්නට නොවැ මලට වඩින්නේ
ඒ රොන් අරගෙන මොකද කරන්නේ
වද බැඳලා පැණි තොපටම දෙන්නේ
(මා නිසා ඈ වීතරාගී )
කවිය බලන්න
වරෙන්තු
සෙරෙප්පු
දැමු
ඒ මිනිස්සු
කොනිත්තු
උන්
හරි
සවුත්තු
සුරැට්ටු
ඉල්ලුවේ නෑ
කසිප්පු
ඇයි බං
උන්ට ම
වරෙන්තු
කවිය බලන්න
අප්‍රේල් 1 සඳහා ඉල්ලීමක්
වැදගත් යැයි හිතෙන
හැම දිනයක්ම සමරන
බලවතුනි දෙසවන
යොමා අපටම දෙන්න අද දින
නිල් කොළ රතු ඈ ලෙසින්
බැටළුවන්ගේ වෙසින්
කවුරු ආවත් තොසින්
පිළිගනිමු අපි නැමී බැතියෙන්
හැත්තෑ පස් වසරක
ලද උතුම් නිදහසක
අගය මේ සිරි ලක
තප්පුලෑවම මදිද දන ලක
දෙදහස් පන්සීයකට
වැඩි අපේ ඉතිහාසෙට
ආ වඩා බඩ කට
පුරව ගමු නොම බැස බැරි වැඩට
යුද්දෙටත් හා කියලා
සාමෙටත් හා කියලා
ඕනෙ පොහොරක් කාලා
දොයිය දොයි බයි ටොයි පුතාලා
ඉස්කෝල ටික වහමූ
සරසවි රිලවු නටමූ
අරගලත් කරමූ
මීඩියා ආතල්ම විඳිමූ
ඩොලරය කොහෙ ගියත්
ජලය විදුලිය කැපුවත්
බිත්තර පියැඹුවත්
අපට කම් නෑ ලෝ දහම දත්
කී නොකී මෙසියල්
සලකා බලා සැමකල්
පළමු දින අප්‍රෙල්
අපට දෙනු මැන නොගෙන වැඩිකල්
කවිය බලන්න
අවුරුද්දට ගෙදර එන්න හිච්චි නංගියේ ……….
ඔංචිලි වාරම් කියන්න
ඔංචිලි කවි පද බදින්න
අවුරුද්දට ගෙදර එන්න හිච්චි නංගියේ
ගමින් සෙ යිලමට ගිය සන්නාලි නංගියේ…….
මැසිමට උගසට තබලා
වියපත් වන තුරුණු වියට
සමහරු ඔච්චම් කරාවි හිච්චි නංගියේ
අවුරුද්දට ගෙදර එන්න හිච්චි නංගියේ ……….
එරබදු මල් වරුසාවයි
කොහා නදින් ගම පිබිදෙයි
කලියෙන් ඔබ ආවෝතින් හොඳයි නංගියේ
කඩුල්ල ළඟ නෙත් දෙක ඇත මුරට සාවියේ………
රබන් සුරල් හඬ නෑසෙයි
කැවුම් කොකිස් සුවඳ අඩුයි
ගම නම් ඇත වෙනස්වෙලා හිච්චි නංගියේ
මා නම් නැත වෙනස්වෙලා තවම ලේනියේ……….
කවිය බලන්න
අම්මෙක් උනාම එහෙමද ?
විලිරුදා දුන් අහස හැඬුම් හඬ වියළිලා
කිරි සුවඳ හමා එයි බිළිඳු මල් පීදිලා
ගැබ් බරින් මිදුණු මව් ගත වෙහෙස නොම බලා
කඳ පුරා කැති පොරෝ පහර දෙති රැස් වෙලා
ඇයි හැඬුම් කිරි නැද්ද අපිට තිබුණා බොහොම
ඔහොම ඉන්නේ කොහොම වග විභාගත් වහම
අපිත් හැදුවා දරුවො ඔහොම නෑ නොව මෙහෙම
දොස් පරොස් බස් ගින්න දවයි මව් තුරු හිතම
බිළිඳු හැඬුමට එබී බලන දහසක් දනන්
මවුන් හද බිඳෙන හඬ දකින්නේ නැත සොවින්
කයේ අපමණ වෙහෙස වෙනස්කම් නොම දැනන්
තල තලා රිදුම් දී සදයි මව් සිත් සොහොන්
ආදරය කරුණාව නිද්‍රාවකට වැටුණු
ඉර ඉරා සඳ මරා තරු උකස් කර වැඩුණු
දරා ගන්නට නොහැකි වදන් හී තල දරුණු
සිතුවිලිත් අතරමග අත හරින බව දැනුණු
ජීවිතේ අඳුර මැද එළිය පොඩ්ඩක් පිඹිමු
පසු ප්‍රසව විශාදය ඒ කුමක්දැයි බලමු
දරාගන්නට නොහැකි වෙනස කියවා ගනිමු
අම්මලා දැවෙන්නට නොදී සෙනෙහෙන් රකිමු
කවිය බලන්න
Slogan of Patience
My dearest Tulip💜️, my heart's desire
How can I light your passion's fire?
You told me you need peace of mind
But I'm so boring without your kind.
I want to irritate you desperately
Make your heart beat faster and heavy
But how can I when you need to be still
And all I can do is talking to the moon and chill?
I've written six poems about your grace
Three of them have found beyond the "ලන්ඩන් කවි" shades
In the world of poetry as a Poet
All I really want is whispering your heart in quiet.
So here I am, waiting for your reply
Hoping you'll see the love in my eyes
And know that I'm not trying to annoy
Just looking for a way to share my joy.
My dearest Tulip💜, my heart's desire
I'll keep waiting until you ready to be heroic
And together we'll make our hearts sing
Until then, I'll keep writing and dreaming as Always
කවිය බලන්න
රජකමක වග
බ්ලොග් ගල් කොටු පවුර බැඳ
පින්තාරු කර අඳුරු කොල පාටින්
රජ වී සිටිමි මම
බ්ලොග් ගල් මාලිගාව තුළ
මගේ ආදර
බිසව් සමගින්
එවන් කොටු පවුර තුළ
විචාරමි දැහැමින් සෙමෙන්
මගේ රාජ්‍යය
නිතර සොයමින්
දුක සැප යටත්වැසි
දරු සිඟිත්තන්
ලෙහෙනුන් බටිති මලිත්තන්
සතුරු සිත් ඇති
බලු බළල් මැරයින් .
මම රජු තමයි පෙර සිට
නෙක බර අවි දරා සිටි යත්
මං
තනතුරු යාන වාහන මිල මුදල්
මගෙ බිසව් මට වඩා බලවත්
වචනයෙන් ඉඟියෙන් කඳුලින්
එපා කිව්වොත් මගෙ බිසව්
යම් දෙයක්
මං නොකරමි .
බැරි වෙලාවත් කට වැරදී
කිව්වොතින් මං ආපිට
අරිනවා ඇය
මතක අවි ගබඩාව
තියුණු අවි තිබේ රැස් කර
පේලියට අතේ දුර
අමතකයි මට ඒව ඇය ළඟ බව
රැගෙන ඉන් දෙක තුනක්
එවූ කල මගෙ ළයට
අනේ මගෙ රජ කම කුමට
යටත් වැසියනි දැන ගනිව්
මං තමයි රජු මගෙ රාජ්‍යයට -
නුඹලට
ගෘහ මූලික ලයිස්තුව ට
මං කැමති සාමයට
බිඳුණොතින් සාමය
අපි ඔක්කොට ම තමයි කරදර
දැන එ බැව් නුඹ සැම
ඉඳින් මං ඉන්න විදිහට
හදාගෙන ප්‍රශ්න එක එක
නොගෙනෙන්
නොහැකි මට විසඳන්න .
16-01-22
ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික යුග දිවිය හාස්‍ය ජනක දෘෂ්ටි කෝණයකින් බලා අපට ම අප ගැන ම සිනහා උපදවා ගැනීම අරමුණු කොට ලී මි
කවිය බලන්න
දේව මෑණියනි
නාමල් පිපිලා වැවෙන් හමනා මද සුළඟට පැටලිලා
සරතස නිවයි බැතිමතුන්ගේ සිත් සනසවාලා
රබර් වතු යාය නිල්ලක්සේ වට කරමින්
සුදට සුදේ ඈතින් දිලෙනා මැදුර බැසිලිකා
උදෑසන දේව මෙහෙයට ඇදෙනා බැතිමතුන්
උදාරයි,... තේවත්ත ගම්මානය උදාරයි,.....
අප ලක් මෑණියන්ගෙ දැසින් ගලනා කදුළු
දේව මෑණියනේ ඔබ දැසින් දැක ගන්න,. ..
කිරට හඬන කිරි දරුවන්ගේ හඬ බියකරුය
ඔසුහල් ඇතත් ඔසු පැන් නැත එහි ගන්නට
පාසැල් දරුවන්ගේ බඩවත පිට කොන්දට ඇලිලාය
මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් මග හැලිලාය
රෝහල් වාට්ටු පණ අදිනා ඇටසැකිලි වලින් පිරිලාය
වැව් තාවුල්ලේ ගී ගයනා බටිති මලිතියන්නෙ
පියාඹලා ගිහින් බැසිලිකා මැදුරේ මාඉමට වෙලා
දේව මෑණියන්දෑට දුක් ගී ගයමින්
මහ එවුන්ගෙ මහා වැරදි පෙන්වා
අපේ ඡන්ම භූමි උන්ගෙ දරුවන්ට නොවෙයි
අපේ දරුවන්ට ලබාගන්න
අල්තාරය ඉදිරියේ ඉටි පහන් දල්වා
යදින යාතිකාවන් රට ගොඩ ගන්නට
වග කිව යුත්තන්ගේ අවධානය තර කරන්න
දරන වෑයම අහෝ! දේව මෑණියෙනි
ඉටුකරනු මැනවි!
19/3/2023
කවිය බලන්න
රත්තරං දෙමව්පියො
හතර වරිගෙම බඩ පිරෙන්නට
පීස මඩුවෙන් රොටිය කාලා
පුතයි ලේලියි ගෙදර එන කොට
අම්ම ඉන්නව උළුවස්ස ලඟ
කුස පොත්ත කොඳු ඇටේ ඇලිලා
"නිදි නැතුව ඇයි? මඟ බලා ගෙන"
"දවල් උයපුව නේ තියෙන්නේ
රත් කරෝතින් හීල් වෙයි නේ
ඒක හිනිදයි උඹල එනකන්
බලා ගෙන උන්නෙ"
"හරිම මහන්සයි අදනං
අපිට මුකුත් එපා රෑට
අම්මා රත්කරන් කන්න
මොන එහෙකට අපි එනකන්
මහ රෑ වෙනකන් හිටිය ද?"
පුතයි ලේලියි ගෙට ගියා
වාහනේ මිදුලේ තියා
"රත්තරං දෙමව්පියො"
පස්සෙ තිබුණා ලියා
21. 03. 2023
කවිය බලන්න
හිමි අහිමි පෙම
හදට දැනෙන මේ අරුමැසි කැළඹීල්ල
නුඹට කොහොම පවසන්නද නිකලැල්ව
බැදුණු තැන් වලින් නැගෙනා රිදවිල්ල
සිදිනු හැකි වේද විදිනට සැනසිල්ල
හදේ නැගෙන සිතුවිලි නුබ තරම් වෙති
නුඹේ නමින් කව් ගී වැල් නිමක් නැති
හදේ කොනක නැගෙනා දුක් කෙතෙක් වෙති
මාගේ සිතෙත් නුඹ පතනා මිහිර ඇති
කැල්මෙන් රෑ අහස සිඹිනා පුරා සඳ
ඇල්මෙන් මිදී නුඹ ගැබ එළි නසන ලෙද
හැගුමෙන් මිහිරි මසිතම පිරි මදින නුඹ
සෙනෙහෙන් මිදී දිනකදී දුර ඇදෙනු ඇත
පැතුමක් නොමැත දෑගිලි බැඳ එක් වන්න
වරමක් නොමැත තුරුලට ගෙන සැනසෙන්න
සුසුමක් නොමැත ඔබගෙන් වෙන්වී යන්න
පියුමක් වෙලා හද සුපිපී සතපන්න
කවිය බලන්න
හේනෙ පිපෙන මල්
මන්දාරම් අහස පුරා එලද්දි වැහිසලු
හේන කපා ගිනි තිව්වම නැගුනයි ගිනිසිලු
සිව්පාවුන් වන විහඟුන් දාගෙන මුවගුලු
ඈත ගියත් මාත් එක්ක තාමත් තරහලු,
තල කුරහන් අමු මෙනේරි නගමින් නවදලු
පත් මත පිණි බිමට හෙලයි දැක දැක අරුණලු
රණට හැරෙන කාලෙ ඇවිත් කුරහන් කිරිපලු
හේන වටේ මල් පීදේ කරවිල වැටකොලු,
ඉස්සර වගෙ ගෝණ මුවන් දැන් නැහැ බියගුලු
දාවල් විත් සහේලයන් බඳිනව කදමලු
ඉන්න වේවි දවස පුරා වෙමින්ම යුහුසුලු
නින්ද නැතත් පැලේ එලුව පැදුරත් කඩතොලු,
සිහින පැතුම් හේනට රෑ ඇවිදින් සඳසිලු
නැවුම් පසේ තියා ගිහින් තැන තැන ඉඳලොලු
වැට අද්දර සිරියාවට හිනැහෙන කටරොලු
මැණිකේ එන වග දැනගෙන මග සරසන වලු,
කවිය බලන්න
ලතැවුල්
විඩාපත් ඇගෙ මිලින වත කුසුම
පතිනි මවුනේ තවම නුදුටු වෙ ද
දොවා කඳුලින් සළඹ කල යැදුම
පතිනි මව් දිව කණින් නොඇසු වෙ ද
මහා සෑ මළුව මත පහන් තිර
ඇගේ පැතුමන් සමග දැවුණෙහි ද
පිදූ කිරි අහර වල රස සුවඳ
දෙව් ලොවට නොදැණුනේ දුර වැඩි ද
ඇගෙ සිහින ලෝකයේ සුනිල විල්
සුපුල් සුදු පියුමන්ට අකැප ම ද
ඇගෙ යහන පැදකුණු කරන්නට
ඇත් පැටව් තවම මග සොයනව ද
නැවුම් දිය කළ හතෙන් දෙවූ දා
පොල් මලෙහි ඇටි සරුව නොතිබිණි ද
මගේ හිස මව් කිරුල තැබූ ඇය
ඒ කිරුල දරන්නට පින් මදි ද
ඇගෙ සුසුම් ගිනි වැදී දැවෙන මට
මිත්තනිය වන වරම අහිමි වෙ ද
කවිය බලන්න
මේ මා පොළොව ලක් මෑණිගේ මසුරන් ය...
මගෙ රට තරම් ලොව සුන්දර රටක් නැතී
මොනවා අඩුද දිය ගොඩ බිම ගොඩබිම අපට ඇතී
තේ දළු හිනාවෙන කඳුරට සොඳුරු ගතී
දුටුවිට මගෙ හද මඩළ ම වුණා කිතී
පැහැයෙන් හරිත පිනවා මා නෙතු සඟළ
ඇල දොල දිගේ මින් දද යන හැටි දඟල
හිනැහෙන නෙලුම් මානෙල් වැද හිරු මඩල
දුටුවෙමි රඟනයුරු මොනරුන් තුරු වදුල
යල මහ දෙක ට අස්වද්දනු කෙත් යාය
අවුවැසි ලැබුණි මෝරන කළ සඳ පෑය
බැතිබර සිතින් වැඳ රන්වැලි මහ සෑය
එන විට දුටුවෙ තව තව මනරම් දෑය
මිණිකැට රුවන්පුර මිනිරන් බෝගල ය
මේ මහපොළව ලක් මවගේ මසුරන්ය
දාගැබ් තනා වැව් බැඳි අය විරුවන්ය
මගෙ රට නසන කොයි කවුරුත් පරයන්ය
දුටුවට වඩා නොදුටුව දේවල් බෝම
ඇති බව කියමි ඒ ගැන ලියමි ද කෝම
අද මෙන් හෙටත් ඉපදුන දේශෙට පේම
කරනෙමි. මගේ පැතුමත් මෙහි මියයාම......
කවිය බලන්න
ඇයත් මවකි
මවක් දුටුවෙමි පෝළිමක මැඳ
වැහැරගිය ඇගෙ වත විඩාබර
එක අතක සිය "ක්ලිනික් පොත" ගෙන
අනෙක් අත්ලෙන් වාරු ගෙන ඇත
කවුලු විවරෙන් පෙනෙන ඔසුසල් කාමරය මැද
තවත් මවකද...
දරුගැබක් සිය කුසෙහි දරමින්
වෙහෙස නොබලා යුහුසුළු වැඩ
වහන් වන තෙක් හිරු වලාකුලකට
කෑගසා හඩයි ඉඳිමුන දෙපා කවුළු අභියස
නමුදු සමුදී නෙත රිදවන උණු කදුළු වෙත
වීය සෙනෙහස් ගඟක් රෝගීනට සිසිල දෙන
ඇසිල්ලෙන් ඔසුවේදනිය කාමර දොරෙන් දිව ගියා වූ සද
පොළිමෙන් දොස් මුර නැගෙයි දැන් සිදුවනා වූ කල් පමාවට
ඈත ඇසෙනා "ඔක්කාර හඬ"
යටව ඇත මේ දෝස් මුරයට
විවේකය නැත , නැවත ඇවිදින් ඇය පිරික්සයි "ක්ලිනික් පොත්" ගොඩ...
ස්ථානය - ඔසුසල,බාහිර රෝගී අංශය,දකුණු කොළඹ ශික්ෂණ රෝහල
කවිය බලන්න
අනවැසි පුරස්න ...!
නෙත යොමුවුනෙ දෙබසකටයි වත පොතෙ එහෙ මෙහෙ යද්දී...
සිත ඇදගත් නිසා සිතුනෙ කවි කෙරුමට ඔහෙ ඉද්දී...
එතරම් රසවත් කතාව , පටන්
ගත්තෙ, ගෙට එද්දී..,
නිතරම එහි යනෙන කෙනෙක්,
දරුවට වදයක් වෙද්දී...
"පුතා අදත් පාඩම් කරනවා වගෙයි එහෙම නේද...
හිතා ඉන්නෙ කවුරු වන්ට, කියලා මට කියනවාද...?"
"ඉතාමත්ම ගැටලු සහගතයි අංකල්, පෙනෙනවාද..,
කතාකරොත් ඒගැන කීදෙනෙකුගෙ සිත් රිදෙනවාද...?"
"ගුරුවරයකු උපයන ඒ වැටුප
සොයා බැලුව කලට...
වරුවයි වැඩ, හැත්තෑ පන්දහක් ලැබෙනවලුනෙ මසට..."
"මරුනෙ පුතා, එහෙනම් හොඳ නෙවද එහෙම වුනොත් ඔබට...
කෙරුවොත් පාඩම් නිසිලෙස ගුරුකම නම් ලැබෙයි යසට..."
"ඉංජිනේරුවෙක් උපයයි ලක්ෂ තිස්හයක් වසරට...
මං වැරදදිද , එයට වැඩිද ? ඇහුනෙ එලෙසමයි මෙමහට..."
"දැං පුතාට හිතෙනවනං වෙන්න හැකිනෙ ඒ විදිහට...
ලංකාවට ඕන උගත්තුයි මට
හිතෙනා හැටියට...!"
"දොස්තර කෙනෙකුට ලැබෙනව ලක්ෂ හැට පහක් වසරට...
විස්තර හෙව්වමයි දුටුවෙ , කියල තිබුණ පත්තරයට...!"
"ඉස්තරම්නෙ ! ඉතිං පුතේ වෙන්න බැරිද, අනෙ ඔබහට...
ලස්සන දිවියක් ගෙවතැකි , පහනක් වෙයි නෙව නිවසට...!"
"උගත් කමක් නැතුවත් කෝටිම දහසක් එක් වසරට...
නොගත්තෙ කවුරුද කියන්න ඇවිදින් දෙස් පාලනයට..?"
දෙඅත් හිසේ රැඳවුනෙ ඇස් ඇරිලාමලු හරි ලොකුවට...
පහත් වුනාලුනෙ අංකල්, සැනෙකින් ළඟ තිබු අසුනට...
"ඒකනෙ මම මුලින් කියුවෙ ගැටලු සහගතයි කියලා...
ඕකනෙ අද රටේ තත්වෙ , කුමටද පාඩම් කරලා...?"
නාකනෙ අද දරුවන්ගෙන් අහන්න පැන, නොම සිතලා...
සෝකනෙ වන්නේ සිත් පිලිතුරු දුන්නම උන් ගොතලා...!
කවිය බලන්න
මෙනවිය
වාසගම කෙළවරට සඳහටම ඇමිණුන
ලිපි සිරස් කවර මත යස රඟට වැජඹුන
පෝරුවක සුබ සිහින තිඹිරි ගෙයි වැළලුන
ඇමතුමකි "මෙනවියනි" පපු කැවුතු හාරන
දුර වුනත් හිරු අහසෙ පෙති විදා දඟලන
මල් නැතිද නටු මතම වියළිලා පර වුන
පැටලිච්ච දෙතොලකට රෙදි පවා ගිළිහුන
"මෙනවියකි" කඳුළු හිමි එක රැයක බැබළුන
මඛාදේවට වඩා නර කෙසින් ගැවසුන
පෝලිමෙහි ඉඳ ගනිමි සායනයෙ කෙළවර
මා ලඟම හිඳ ඇගේ උරහිසට බර වුන
ඉවසන්න බැරිම ඔබ "මිස්" කියා ඇමතුම
කවිය බලන්න
ජීවක
දරා අපමණ වෙහෙස
දිවා රෑ නොතකා
සුව කළත් ජීවිත
දස දහස් ගණනක්
යා නොදී මරු තුරුළට,
අන්තරාභවයද බලා
ආපසු ආ අයෙක්වත්
අතැඟිලි එකතු කර
විමසුවෙද නුඹගෙන්
නුඹද,
ජීවක වෙදැදුරාණන්..
සුළු අතපසුවකින්
නියපොතු තුඩක් කැඩුණොත්
දිගු වේවි නුඹ දෙසට
දබරැඟිලි දසදහසක්
නුඹය,
අංගුලිමාල වත්මන්...
කවිය බලන්න
කඳුල නුඹවත් ……
නීල මොණරුන්
පියාඹා යති
කිසිම හව්හරණක් නැතී
ගැහෙන හදවත
නවත්වන්නට
උන්ට කිසි හයියක් නැතී
ඉදි කෙරූ සුවිසාල මන්දිර
දෙපා ලඟදිම බිම වැටී
කතා කරගන්නටත් බැරිවම
හුස්ම හිර වී මිය යතී
වාරු නැති දිවි
සරණ වෙන්නට
කිසිවෙකුත් අද ලඟ නැතී
කඳුල නුඹවත් තනිය මකපන්
අහිංසක මගෙ ලඟ රැදී
කවිය බලන්න
දිසාපාමොක් ඇදුරු තුමණී
සැරද ඇදුරිඳු දිසාපාමොක් මනමෙ කුමරුන් වෙමි මෙමා
මහද බැති පෙම ඔබට පුද දෙමි පුරුදු අයුරින් හිස නමා
නිබඳ කැපවී උගෙන ගත්තෙමි එදා ඔබ දුන් සිප් සැමා
වරද මුල්තැන දිනා ගැනුමද මගෙ දිවිය වන්නට නිමා
සුරළියක මෙනි රුවින් දිලුනේ කියනු ඒ ගැන කුමකටා
ඇයයි හේතුව තක්සලාවෙහි සිසුන් අතරෙත් සටනටා
දුටුව පමණින් සිත බැඳෙන්නට වනයෙදී වැදි රජෙකුටා
නැතිද ඇදුරනි ඔවා දුන්නේ පතිනියක වන දියණිටා
ඉතා රස ඵල කුස පිරෙනතුරු නෙලා දුන්නෙමි බුදිනටා
මනා පියකරු දුලබ වනමල් සොයා සැරසුවෙ ගෙලවටා
කඩා බැමි බිඳ සෙනෙහෙ ගැලුවත් ගින්න ආශා නිවනටා
වහා සෙලවෙන සිතක් නවතිද කෙදින පතිදම් රකිනටා
සරණ පාවා ගත්ත පසුවත් අයිතියට ගැටෙනට වුණා
බිසව වැද්දා හට නොදෙන්නට දරුණු සටනට පිවිසුනා
අවැසි මොහොතේ තීරණේ නිසි ඇයගෙ සිතිවිලි පැටලුනා
දිවිය හා ආශාව මාරුව කඩුව දීමෙදි වැරදුනා
ඇගෙන් සිදුවුන වරද වූයේ නොදානුවත්කම දෙමි සමා
දුනිත් නම් යුතු දැනුම දරුවට විපතකට ඉඩ නැත් තෙමා
ඉතින් ඇදුරනි වරද මගෙ නැත හේතු අයැදින්නට කමා
යොවුන් ජීවිත දෙකක් විපතට දැමු වරදකරු ඔබ තමා
කවිය බලන්න
අසම්මතයෙ කඩතුරාව
රැගෙන සිසිලස සුවය සදමින් පියඹ ආ වැව් රලපනාවක්
උපද්දාගෙන සතුට මිහිරක කිතිකවයි ඉන් ඇද රටාවක්
ළයට නුහුරුයි,"නැවුම් පෙම්පිඩ" ලඟට එද්දිත් හුඳකලාවක්
දෑත්දිඟු වෙයි අසම්මතයට ඉරාදමමින් කඩතුරාවක්
රෑට හිනැහෙන කඩුපුලක් වෙත රෑන බමරුන් නොකර කැන්දූ
ප්‍රේමයේ මල් තුහින වරුසා
සිතින් සිඹ; මුදු හාදු ඉන්ඳූ
ආවඩන්නට නැවුම් හැඟුමන්
රිඳුම් සගවා කඳුළු බිංදූ
ඈත හිඳිමින් බලා මුමුණමි; සෙනෙහසින් "සඳ කුමරු" සිංදූ
ප්‍රේමයේ මල් -පිපෙන සෘතුවක හැඩට හැඩවී පපු ඉහත්තෙ
හීන්සීරුවේ මුදුන්කඩහි රදවගනිමින් රැක පෙරැත්තෙ
රුංතක් තරිකිට බෙරපද හඩවා කැන්දා යන්න කරත්තෙ
රූස්සන ගති ඉවතලාපන් සුබයි මැණිකේ අග දුරුත්තෙ
2023-03-17
කවිය බලන්න
විලාසිනියකගේ ප්‍රේමය
මායාවී ජිවිතයෙන් ගැලවී
අවංක ප්‍රේමය සොයා ගියාය
සාමා නම් වරඟන පෙර දවසේ
මිරිඟුවකියි එය වැටහුණි ඈ හට
වල්ලභයා ඇය හැර දා ගියෙන් ද
පුරාණ දිවිය පිළිකුල් වූවෙන්ද
අසරණ වී රැකවරණ ද නොමැති ව
හුදකලා ව විසුවා දිවි හිමි තෙක්
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්නට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්නට නොසිතා බිඳකුත්
කවිය බලන්න
විනිසුරුට පිළිතුරක්
මොකද බිම බලා ගත්තෙ
ලජ්ජද....?
ඔලුව උස්සලා බලනවා උසාවිය දිහා
ලජ්ජා .....
ඒ ගැන නම් මොන කතා ද සර්
ඊයෙ රෑ තිබුණු හදිස්සියට
මුණවත් මතක නැතුවද කොහෙද
කවිය බලන්න
කල් ඉක්මවූ ආදරේ
කඳුළු නෑ මගේ නෙත් අඟේ තවත් දීමට නුඹ නමින්
සුසුම් නෑ මගේ හද ගැබේ හෙලනට නිදන රෑ තනියමේ
වදන් නෑ මට තවත් ගීපද ගොතන්නට නුඹ නමින්
තනි යහනේ නෑ තව ඉඩක් නුඹට එන්නට ගිය තැනින්
නැඟුණු සුසුමන් ලය තුළින් මිදිලා ගියා
හෙලන කඳුළැල් එකින් එක වියැළී ගියා
තෙපුල වදනින් ආදරේ හඬ ගොළු වී ගියා
නැවත එන්නට නුඹට බෑ දැන් කල් ඉක්ම වී ගියා
චුල්ල පදුම නොවේ මෙමා දීමට ලේ උර පලා
මනමේ කෙනෙක් වෙනු බෑ කුමරියට රැවටීලා
ගාමිණි වෙන්න බෑ සොයාඑන්නට චිත්‍රාව හුදකලා
සිටිනු මැන ගිය තැනක ඇයිද දැන් දුක්වෙලා
කවිය බලන්න
ළමා විය
ගේ ළග උණ පඳුර දඟකර ඔකද කල
ඉමිහිරි කුරුළු නාදෙන් කන් වශී කල
කිරිල්ලියක මෙන් සැම සිත් සතුටු කල
කෙතරම් සුන්දරද ඒ මගෙ ළමා කල
වෙලේ පරෙයියන් ඉගිලෙයි එක දිගට
ගැමියන් ඇදෙයි හැම අතකින් වෙලට
සුන්දර මසුන් කරණා දඟ දකින විට
අරගෙන බලන්නට හිතුනා මගෙ අතට
කෙත් වතු පැසෙයි ගොවියන්ගේ වෙහෙස අරන්
වට පිට පිරෙයි කෙවිලන්ගේ ගීත නදින්
දිව යමි නියරවල් වල මම මවට හොරෙන්
අල්ලා ගන්න කාටත් බැරි තරම් සැරෙන්
ලොකු අම්මා තමයි මා පසු පස එන්නේ
දඟ කළ විට ඇයයි මා බේරා ගන්නේ
පොඩි අයියා තමයි මගෙ තනියට උන්නේ
මා හඬනා විටදි "දන්" කඩලා දුන්නේ
මගෙ දඟකාර වැඩ ගැන නැහැ සැර වෙන්නේ
සෙනෙහස අරන් මාමා මා වෙත එන්නේ
උකුලට වෙලයි මාමගෙ සුරතල් වෙන්නේ
සුන්දර ළමා විය අමතක නොම වන්නේ
සැප සම්පතින් සපිරුනු මගෙ ළමා වියේ
දුව පැන දඟ කරපු සුන්දර ළමා වියේ
අයියයි ගස් යන්න හුරු කලෙ ළමා වියේ
තවමත් මිහිරි සිතුවිලි ඇත ළමා වියේ
කවිය බලන්න
වසන්තය
අප බලාපොරොත්තු අත්හරිද්දීම
ඇය ප්‍රමාද වූ අමුත්තියක් සේ
සෙමෙන් ඇවිද එන්නී ය
කැලෑ මලින් සැදි
ඇගේ ගවුමේ වාටිය
වැස්සෙන්, මීදුමෙන් සැදි
ඇගේ ඉරුණු වේල් පට
ඈ පසු පස ඇදී එමිනි
ඈ අපේ දෙසවනට ඩැන්ඩිලයන් හුස්ම පිඹින්නීය
ඉතින්
සීතල සිසිරයේ පැවතුම් අත්හරිමින්
අපි ඈ ට සමාව දෙන්නෙමු
මෙතෙක් ළඟ රැඳි
ඝන ආයිත්තම් විසිකර
දෑත් විදහා
ඇය ව පිළිගන්නෙමු
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Spring’ by Linda Pastan
Link to the original poem - https://www.yourdailypoem.com/listpoem.jsp?poem_id=1422
Poet’s Bio- poetryfoundation.org
Copyright free photo from- Pixabay
1932දී උපන් Linda Pastan යුදෙව් පසුබිමක් සහිත ඇමෙරිකානු කිවිඳියකි. මාතෘත්වය, පවුලක් තුළ පැවැත්ම, අහිමිවීම්, වයස්ගතවීම්, මරණය වැනි දේ මාතෘකා කරගත් කවි ලින්ඩාගේ කවි අතර සුලබ ය. මේ වෙද්දී කවි පොත් පහලවක් පමණ පළ කර ඇති Linda Pastan, ඇගේ කාව්‍යකරණය වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනාගෙන තිබේ.
කවිය බලන්න
යසෝදරාවතේ සිත්ගත් කවි
මහඔසු පඬුව ඔබ මට කරපු අනදරා
අඹරා බත් මාළු මගෙ ඇඟ ඉස තවරා
නොමරා මරන්නට කළ දේ මට මිහිරා
අමරාවතී දේවිය මම යසෝදරා
කවිය බලන්න
යශෝධරා කවි සිත
එක ලේ සුවඳ අපි දෙන්නගෙ තවම දැනේ
හිටි හැටි ළමා වයසෙදි සිහිනෙනුත් පෙනේ
අයියේ ලියමි හින් දා සිත බැඳුනු සෙනේ
කිම ඔබ පවිටු මිතුරන් ඇසුරට වැටූනේ
දරුවයි මමයි අතහැර තපසට යන්න
සිතුවේ ලෝ සතුන් සසරින් මුදවන්න
නොපෙනෙද මමත් මගෙ දරුවත් අපි දෙන්න
සැනසෙන අයුරු ලැබ ගෙන හිමි සඳු සරණ
අයියේ කියල දෙමි මට තේරෙන ලෙසට
වෛරය මහා ගින්නකි දවන සතහට
මගෙ හිමි නොවෙයි දැන් දම් රජු තුන් ලොවට
පිළිගෙන මෙත් සිතින් අදහනු ජය ඔබට
කෑදර වෙනු එපා බලයට කිසි දාක
නිසරුයි හැම දේම වැනසෙයි යම් දිනෙක
පිරුවොත් මහණ දම් දුරු වෙයි සසර දුක
නැතිනම් ඉතින් කල්පයකට අපා දුක
කවිය බලන්න
🌷සප්නය🌷
රාත්‍රීය මෙතරම් නිසල කරමින් සඳ එළිය
පීදෙන කඩුපුල් මතට වැටෙනා හිම කෙලිය
හීනෙක පැටලී හදම සනසන පෙම් වලිය
තාලෙට නැලවුනා සුව විදි සැන කෙලිය
රඟමින් රැයට නටනා විට මල් කුමරි
හදමින් පොකුරු තරු වියනක් වෙයි ඔමරි
විසිරෙන දුහුල් සළු ගයමින් කවි වැතිරි
එළිවෙන තුරුම සිත දිව්වේ පෙම පැතිරි
පිපි වනමල් සුවඳින් සිත අවදි වෙලා
ගත මොනවද කියවන බව හැඟුනි මුලා
සිහිනෙක පැටළුන හදවත රිදුම් වෙළා
කදුළක් වැටුනි තනි යහනෙ සුසුම් එලා
කවිය බලන්න
මීනගයා
නිමිත්ත : කොළඹ - මඩකලපුව "මීනගයා" රාත්‍රී දුම්රිය
තුළ දී කූඩයක නිදි කරවා අතහැර දමා ගොස් සිටි බිළිඳෙකු සොයා ගැනේ.
----------------------------
කූඩයක සැඟවී සක්මන
අරුමයක් නොවේ දුක් දක්වන
නොනැවතී තොටුපළක එක් තැන
ගලා යාමයි පුත දස්කම
සැඟවුව ද එක්ටැම් ගෙයක සිරකර
අගුළු ලෑ හැකි ද ආදර මුවදොර ?
ගාමිණීවරු කර්කටක යන්ත්‍ර නිමකර
පුපුරුවති ප්‍රාකාර බිඳ හැර ලෙන් දොර
සප්‍රාණ අප්‍රාණ මාමාවරුන් මඟහැර
අසීරු ය ඉපදුම ඊයේ අද ද හෙට වුව
නමුත් සතපා කරඬුව දොරමඬලාව වෙත යොමු කර
හිස් ගැසුම් නොතකා 'ගුඩ පුය ය" දොඩනා මිඩියන්
වෙස් ගෙන සූඛරව දුවනා චිත්‍ර, කාළවේල යක් මිතුරන්
හිඟ නොමැත පුත මේ පුරවර
දිය කෙළින සඳ විල් තෙර
විමසන් රුක් සිදුර
ගොපල්ළන් හා මුහු වී
මැලයක් වටා ගින්දර
නටා ගයපන් බෆලෝ සෝල්ජර
හමු විය හැකි ය සොයපන්
පණ්ඩුල බමුණු හා චන්දර
නොනැවතී නුඹ ගලපන්
නුඹ සතු ලොවක මන්තර
කියන්න ද ? කතන්දරයක් මං පුතාට
කතන්දර තරම් ඔසුවක් කොහිද? හදකට
එකෝමත් එක කාලෙක
අණ කළා නපුරු නිරිඳෙක්
නයිල් නදියේ ළදරුවන් ගිල්වා මැරුමට
අදත් වෙනසක් නෑ
අණ කරයි රුදුරු රකුසෙක්
කඳුළු, ජල වැසි වස්සා
මිනිසුන් පණ පිටින් මැරුමට
අසරණ වු අම්මා
කීල් හා මැලියම් තවරා තනා පන් කූඩයක්
සතපා ළදරුවා ඒ තුළ
පා කර හැරියා ය නයිල් ගංගා තෙර
ඔහුගේ සහෝදරී මීරියම් මිහිරී
පසු ගමන් ගියා ය ළදරුවා විපරම් කර කර
දිය කෙළි පිණිස පැමිණී
පාරාවෝගේ ම රජ දියණී
දුටුවා ය ළපටි පුතණූ
පෙන්වී දයාවේ මුහුණූ
මීරියම් එහි පැමිණී
"කිරි මවක සොයා දෙන්න ද?" විමසී
කුමරිය සිනා සී කුලිය දීමට ගිවිසී
දරුවාගේ ම අම්මා
කිරි මවක වී සැනසී
කිරි වැරූ පසුවා කැන්දා
රැගෙන ගොස් මැදුරට බිළිඳා
පුත් තනතුරේ රන්ඳා
කුමරිය පුතුට පෙම් බැන්දා
දොයිමත ද ? පුතේ ඔයාට
සුන්දර ම තැන දැං
තව ටිකක් ඇස් ඇරන් ඉන්ට
රතු මුහුද දෙබෑ කරනා සැරයටිය
දෙවියන් දුන්නේ ඒ පුතාට
වහල් ජනතාවක් බේරා ගෙන
පොරොන්දු දේශයට රැගෙන යන්නට
බාර දුන්නෙත් ඒ පුතාට
ඒ විතරක් ද?
සීනයි කන්දෙ දී
දස පණත දුන්නෙත් එයාට
ඉතින් මගෙ වස්තුව
ඔයා කොයි තරම් අරුම ද?
බිළිඳුන් කූඩවල හඬනා
දයා කරුණා පපුතුර හොවනා
ඔවුන් රජ කුමරුන් සෙ වඩනා
රජ කුමරියන් කොයි දෙසත් වෙසෙනා
පුතේ නොහඬන් පොඩි මුව උල්කර
මීනගයා ද නයිල් නදියකි සුන්දර
2023-03-14
කවිය බලන්න
මා ප්‍රියාවී සඳේ ....
මේ සොදුරූ මා ප්‍රයාවී සඳේ
රෑ ඝනදුරේ විල් තෙර හොවා ලා රැයේ
මල් මී සුගන්ද අතුරා ඒ තුරුණු ගං තෙරේ
නුඹ පයා දිළෙනා සැටි සිහිනයක් වගේ
මලානික හද පත්ල අයදිනා වෙලේ
ඒ සඳේ රෑ නුඹ වේ හදවත් ඝනදුරේ
පැතුම් විමානේ සිහින ගෙනා ලා සඳේ
මෝදු වී ලා නුඹ චායා දෑසේ මේ මැදියමේ
වළා රොදකට අයදිනා කදුළක මගේ
නුඹ නම් නොවේ ශෝකය මේ රාත්‍රියේ
මම මය ශෝක ඇරඹුම දෝතින් පුද කලේ
නුඹ නම් මා හදේ මෝදු වෙනා ආදරේ මල් වසන්තය වේ
කවිය බලන්න
නෙළූ දෙවියන්
දුබල දෑතින් නෙළූ පිළිමය කලා කෘතියක් යැයි සිතා...
මුග්ධ පුඟුලන් වඳිනවා පණ පොවා එය දෙවියන් කියා...
නික්ම යන්නට වරම් නෑ මට ජීවිතෙන් ඒ පව නිසා ...
කෝටි ගනනක් නෙළූ දෙවියන් බලන්නේ නැත මා දිහා...
කවිය බලන්න
මවක විය නුඹ
දන්න දා පටන් නුඹ
දනිමි දන් දුන් බව අපට
නුඹ ගත සිත සවිය
සහ ලස්සන තරුණ බව
තනන්නට රස මසවුලක්
ඇපිල්ලීමට රෙදි කඳක්
හැඩ කිරීමට ගෙයක් මිදුලක්
දැරූයේ නුඹ නිබඳ වෙහෙසක්
සතියේ දින හතම අප පුතු ඔබ අසල
දමා ගියෙමි කරගන්නට රැකියාව
ඇහැක් වගේ නුඹ ඔහු රැකලා දුන්න
නිසයි නොනැගුනේ ගිනි දැල් හදවතට
නුඹේ ලයෙහි කරුණාවයි ඔහු දුටුවේ
නුඹේ උසස් ගති ගුණ ඔහු ප්‍රගුණ කලේ
මිනිසුන් අතර ඔහු හොඳ මිනිසෙකු වුයේ
නුඹම නිසයි අප ආදර පොඩි අම්මේ
ඈත රටක වෙසෙනා ඔබගෙන් වෙන්ව
අප දැන ගතිමු හැර ගිය බව ඔබ මෙලොව
දහසක් සිතුවිලි ගලයි ඔබ ගැන හදට
සුවහසක් දසුන් මැවෙයි මා නෙත් අගට
කඳුලක් ගලා යන විට දෙකොපුල දිගට
වැලපෙන විටදි හද පැන ගිය කාලයට
වෙහෙස උනත් පැතුමට ඔබ හට නිවන
මගේ පෘතග්ජන සිත කියනෙමි මෙලස
නිවන් දකින්නට පෙර මට
ලබා දෙන්න එක භවයක්
දකින්න ඔබ
නිරෝගිමත්
හරි සවිබල
බොහෝ නැණැති
සම්පත් පිරිවරා ගත්ත
ලස්සන සුරගනක්
ලෙසට ------------!!!
කවිය බලන්න
ආදරය කියන්නේ .....
ආදරය කියන්නේ
පොකුරු වැස්සට
වැටෙන්නට
ඉඩ දීමය...
ටැංකියක සිර නොකිරීමය ..
වතුර බොර නොකිරීමය …
ගලා යන්නට නොදී,
වැවක් නොබැඳීමය …
ආදරය කියන්නේ
ගඟක් වන්නට දීමය …
ගල් පර වල හැපී
පෙණ කඳුළු නගන විට,
අහස වී තනි රැකීමය ….
වියළි බිම් තෙත් කිරීමය …
ගහ කොළට දරු සෙනෙහෙ දීමය ..
සතුටු කඳුළක් දෙකක් එක් කර
ගමනට සෙත් පැතීමය …
ආදරය කියන්නේ
පොකුරු වැස්සට
වැටෙන්නට
ඉඩ දීමය...
.
කවිය බලන්න
අවුරුද්ද
හඩන්නෙපා කොවුලෝ මට අහන් ඉන්න බෑ
පිපෙන්නපා එරබුදු මට දකින්න හිත නෑ
වයන්නෙපා රබන් සුරල් තාලෙත් හුරු නෑ
මීන රාසියට වඩින්න හිරුත් කැමැති නෑ
චීත්තයක් ඇග ලාන්න පිච්චිය ලග නෑ
තාචිචියක් ලිප තියන්න කදුලක් තෙල් නෑ
රාත්‍රියට නින්ද යන්න නෙත් පියෙන්නෙ නෑ
කෝච්චියට හිස තියන්න හිතේ හයිය නෑ
ඔටුන්න රැක ගන්න මිසක් රජුට වගක් නෑ
රටට දැයට හෙන වැදුනත් උන්ට කමක් නෑ
හෙට උපදින උන්ට ඉන්න රටක් ඉතිරි නෑ
මුන්ගෙන් ගැලවුනොතින් අවුරුදුත් ඕන නෑ
කවිය බලන්න
අහසින් පොළවට
කෙටි කවි
දිගු කවි
දෙවැටකි මසිතෙහි
ගොතා එරමිණිය
හිඳ එ මැද
හිස් තීරයෙහි
බලා සිටිනෙමි
මහා අහස දෙස
සොයා නව කවියක්
කලක සිට දුටු
කවිමය
තවම එහි තැන තැන
සිතිවිලි පියා විදමින්
නගිමි ගුවනට
සොයා නව කවියක්
දිටිමි ඈතින්
පියාඹන පීරිසියක් ලෙසින්
සඳ තැටිය
ළංව බැලුවෙමි
පුස් කෑ කවියකි
සඳවත ගැන
සරා සැමත
සරදාකාසයෙහි
යළි බසිමි පොළවට
වෙහෙස පත් සිතින්
ලිහා එරමිණිය
පිය නගමි වීදිය දෙසට
දුබල පහන් එළි යට
ඇසෙයි රිද්මයකට
හුස්ම වැටෙනා හඬ
නව කවි දහසක
23/03/09
කවිය බලන්න
අවුරුදු වේදනාව
ගලවලා උඩු වියන්
බඳිනවා මුව වියන්
කිරි හිනා ඉතිරේ ද ?
මීටරේ දුර තියන්
සිප්පි කටු වත්තෙ කෙළි
මහ උන්දැ සෙයිලමේ
අරං එන රුපියලට
මොකද ? වුනෙ මේ සැරේ
අලුත් කොහු ඉදල් නෑ
මකුණුදැල් ගේ වටේ
නැවුම් මැටි වලං නෑ
කබල් බඩු කුස්සියේ
නෑඹිලිය කට ඇරං
හාල් ඇට වැටෙනකං
කාත් කවුරුවත් නෑ
කුමට ? අවුරුද්ද දැන්
කවිය බලන්න
යුක්රේන සෙබලෙකු ගෙ බිරිඳක්ව
බැදුණු මේ තුන් හිතම ආලයෙන් නුඹ නමට,
වෙලාගෙන භීතියක් දරාගනු කොහොමවෙද
දස අතින් නැගී එන ගිනි ජාලා අතරමැද
තවම මම බලා ඉමි නුඹ නැවත දකින්නට
සඟවගන්නට හැදූ නෙතඟ රැදි උණු කදුළ
රෑරා විත් දෙකොපුලෙන් වැටුනෙ ඔය පපු තුරට
යා යුතුම නිසාවෙන් යන්න හැරි මුත් තවම
හදට මගෙ මහ බරක් නුඹේ ඒ නික්මීම....
බිය නොවන් යැයි කියා සිප මගේ නළල්තල
ගොසින් දැන් හත් මසක් තොරතුරක් කිසිනොමැත
ඇස් දෙකම රිදෙනවා බලා හිද පෙරමඟම
ඉතින් සඳ මා නිබද එන්නේ නුඹ කවදාද
හිතක් තව හිතක් තම ලඟ නොමැති බවක් දැන
කළුවරම මහ රැයත් ඇහැරගෙන නිදි නොවැද
මෙවන් මහ යුද්ධයක් ඕනෙමද මේ ලොවට
උඩ ඉන්න දෙවියනේ රකිනු මගෙ හිමි සඳුව....
2023.03.01
කවිය බලන්න
දැන්වත් හිතට වැටෙහෙයි මම පතමි අද!
සීතලෙ ගැහි ගැහී හිටියේ දුර රටක
උනුසුම දැනුනි සිහිවන කල උපන් රට
දුරුතුවෙ දිනක ගුවනින් බැස ගිය සතුට
තවමත් රැඳී ඇත, එන්නේ නැත නැවත,
විඳගත් සුවය නෑ මිතුරන් දුටු විගස,
බැඳගත් විලස ගහකොළ මල් දුටු සැනක,
දින විසි අටක් ගතකල ඒ සුව රසය
සැනකින් ලිස්ස ගියෙ ඒ හිස වැදුන සඳ,
ලේ විල දුටු සැනින් ඇසුනා නලා හඬ
සති ගනනකට දැනුනා රෝහල් සුලඟ
රස බොජුනන් ලැබුනත් කිරිමැටි විලස,
දැනුනේ ගිලන් වත දෙනෙතේ ගැටුනු සඳ.
තෙරුවන් දෙසූ බණ නිතරම සවනෙ ඇත
අරුතක් වැටහුනේ අමිහිරි දැකුම් මත
"කිසිවක් සදා පවතීනු නැත" උතුම් පද
දැන්වත් හිතට වැටෙහෙයි මම පතමි අද!
කවිය බලන්න
රැඟුමත් - තාලයත් සුදු අදිරද විරිතක් ....!
දෙදහස් වස උරුම නිදහස බිලි දෙවුමක්
උදහස් නයු රට සුද්දට කළ පිදුමක්
සියවස් දෙකත් අට වසකට පෙර දවසක්
හිස කුස් තුළ මොළ ඇති හට එයි මතකක් ....
යට කළ අපේ කම පොරවා පර සිරිතක්
බස හෙළ බිම දමා සුදු බස රජ කෙරුමක්
වින කළ දැයට එක්සිය තිස්තුන් වසරක්
විස දළ විද අදිරද සපු කළ හදියක් .....!
සතුරන් අදිරදුන් මැඬ පළවා හැරුමක්
පතමින් රට - දැය නිදහස යළි දිනුමක්
විරුවන් වැගිරු ලෙය කළ නොමහැකි මිනුමක්
කෙලෙසින් අමතක ද දැයකට ඇති හැඟුමක් ?
ගිය මුත් දෙවා දෙස්පලු නිදහසෙ මැවුමක්
කෙලෙසත් අතැර නැහැ රූකඩ බැඳි ලණුවක්
ගැයුවත් සිතා නිදහස ඇති බව නහමක්
රැඟුමත් - තාලයත් සුදු අදිරද විරිතක් ....!!
දෙස-බස-රැස බිඳුමට රුපු දැරු වෙහෙසක්
අමතක වෙ ද දැයෙ දරු හට ඇති සිහියක්
බිම දැමුව ද අදිරද වෙඩි ඇති අවියක්
අතැර නොමැත රිසි, වෙන’යුරු යට කෙරුමක්
ලැබුවට දැයෙහි සැඳ සැත්තෑ පස් වසරක්
නයුනට නොමැත නව අදිරද ගැන ඉඟියක්
රුපුනට ඇවැසි මඟ ගෙන නොමැතිව දැකුමක්
යළි රට සෙවෙර විපතට යනු නැහැ සැකයක් ...!!!
නැති කල රැස ගැන සිතනා ජන පිරිසක්
අනතුර දෙස නොදැක රට බිලි දෙන ගමනක්
යන විට ඇස-හිස-මොළ නැති දද නඩයක්
අඳුරම මිස කෙ ලෙස හෙට ඇති වෙ ද එළියක් ...???
ලලිතසිරි ගුණරුවන්
2023 මාර්තු 02
කවිය බලන්න
ගැල්
බිඳී ගිය සක ඇතිව
තල්ලු වී යන ගැල් ය
කඩ ඇණ කැඩී උඩුකුරුව
සයනයේ හොත් ගැල් ය
කවුළු ළඟ නොසෙල් වී
මාවතට එබි ගැල් ය
ගල් ව ගිය හදවතින්
ඔහෙ බලන් ඉන්නා ගැල් ය
තමන්ටම තමන්ව ද
අමතකව ගිය ගැල් ය
හැර පියනු බැරි මතක
කඳුළු කර බොන ගැල් ය
අඹරාව ගැළව ගොස්
හුදෙකලා වූ ගැල් ය
මිණි ගෙඩි නිහඬ වන තුරු
දවස් ගණිනා ගැල් ය
සිත ඇති කය නැති ගැල් ය
කය ඇති සිත නැති ගැල් ය
යටගිය දවස දිවි බර
නොලැසි ව ඇදි ගැල් ය
මහළු මඩමේ ගාල් කල
මේ දිරා ගිය ගැල් ය..
කවිය බලන්න
ප්‍රේම ස්මාරකයක්..
ගලක් වී ගිය හදවතක් ළඟ
නොලත් බව ඉඩ දැන දැනත් මම
මලක් තවමත් එ'ගල අසලින්
තබන්නෙමි මතකයට සම වැද..
පෙර දිනක මට පෑ සියුම් වූ
සුමට පෙම් කැටයම සිතින් විඳ..
නුරා හසකැන් මලානික කොට
කිරා දී රිදවුම් කඳුළු කැට
පරාජිත ප්‍රේමයක බර මට
කියා දෙන්නද අවැසි නුඹ හට..
කියා දෙන්නද අවැසි නුඹ හට
මගෙන් ඔය තරමට දුරන් සිට..
තියා ගිය ගල් හදවතින් මතු
නෙලා ස්මාරයකයක් ලෙසින් පැතු
උපත අප පෙම ඇරඹු දින සහ
විපත නුඹ මා අතැරි දින තතු
තියනවද සටහන් නෙතින් රතු..
එයයි අවසන් පැතුම මා පැතු..
කවිය බලන්න
අමුතු කොදෙව්ව !
චන්දය නොතියන්නටම බලමින් මාන
ගන්ධය දසත පතුරා බොරු වපුරාණ
වන්දිය ගෙවන්නට අප පිට පටවාන
තුන් බිය විඳවමින් හිඳිමුද ඉවසාන
පිට රටවලට ණය යදිමින් අතපාන
වටකර හොඳම තැන් අනුනට විකුණාන
"මට විතරමයි හැකි" යයි උඩු බුරලාන
හෙට තව හිනැහේවි නැහැ කිසි අනුමාන
ණය ලැබු කලට කාහල නාඳය පාන
ලය මානයේ පෙර දැකුමක් නැති ගාන
දිය කෙළිනා සැලිය තුල කකුළුව ගාන
මෙය නම් කොදෙව්වකි ගවයන් රඟපාන
කවිය බලන්න
නික්ම ගිය පසු...
නික්ම යමි නොකියාම ඉක්ම ඇත හෝරාව
දැක්ම නැත කිසිදාක ඒත් ඉමි ඔබ ගාව
හුස්ම ගෙන බැලුවාම දැනෙයි එන හැටි පාව
රිද්මයට හැමදාම සුවඳ සුළඟට යාව
නොතැවෙන්න තනිකමට දී ඉඩක් එන ලෙසට
පබදින්න පෙම් කවිම පන්හිඳක් ගෙන අතට
මුමුණන්න මං කැමති පදවැලක් මදනලට
හිනැහෙන්න පෙර ලෙසම රන් හඩක් දී ලොවට
හිතුනාම දුක හුඟක් කියනු මට අහගන්න
දැනුනාම නැතිවගක් වසනු නෙත දැකගන්න
වැහුනාම හඳවතත් අවපසදි නොපෙන්න
හැමදාම තරුඇසක් ලෙස ඉඳිමි අදහන්න
හදවතක නිසි ලෙසක හදවතම බැඳුනාම
කිසිදිනක මහ දුරක නොයයි මග බිඳුනාම
හෙට දිනක මතුබවක යළිත් මුණ ගැසුනාම
හැම මතක නිසැකවම පිපෙයි පෙති විහිදාම
කවිය බලන්න
සුබම සුබ උපන්දිනයක් වේවා හර්ශි.❤🧡❤🧡🧡❤🧡
මා ලියන කවි නොදකින
මා දකින විනිවිද....
ගුණ කියන දොස නොදකින
පැස පුරවගෙන සෙනෙහස..
බත පිසින මැද ගිණි දුම
පිටත ගිණි නොමදෙන..
මට දියණියන්ටද
බෙදන රස මසවුළු පෙම..
සඳැස විරිත ද එළිසම රැක
හොඳම කවි පද පබඳින
නුඹේ දිවි කවියක ළඟ
හැමදාම දුහුනෙකි මම...
ආදරය නම් නුඹම ය...
කවිය බලන්න
දුක
සිතේ දුකකිය තැවරුණේ
සිතෙන් විතරයි වැළපුණේ
නෙතට ඒ දුක පැවරුණේ
ඉතින් ඉන්නට බැරි වුණේ
කඳුළු නෙත'ගින් ගිලිහුණේ
කොපුල මත උණුසුම් වුණේ
දෙතොල් අග ලුණු රස වුණේ
ටිකෙන් ටික සීතල වුණේ
ගෙලට වැටිලා වේලුණේ
කාටවත් එය නොපෙනුණේ
කඳුළු ඉන්පසු ගල් වුණේ
සිනා පමණයි මතු වුණේ
කවිය බලන්න
කවියක් කල හදියක්
සවනත වැකුන දෑ පද වැල් වලට ගොතා
ඉමිහිරි තනුවකුත් සමගින් ලෙසට කතා
ගොනුකොට තබා ඉන් රසයක් විඳිනු පතා
පන්හිඳ උනා දොඩමළුව පත් ඉරුව පුරා
හතලිස් වසරකට පෙර අඳුරුම දිනකි
ඒ ගැන ලියන්නට මතකය මදි සෙයකි
එනමුත් ඉල්ලීම පසෙකට දා නොහැකි
කවි පද කලේ දරුවකු කන වැකි දෙයකි
සිංහල දෙමල මුස්ලිම් බිර්ගිර් ද කියා
නැහැ වෙනසක් අපි එක පාසලට ගියා
ඒ බැඳී සෙනෙහෙ අදටත් මතකයේම තියා
පන්හිඳ ගොළුයි කවි පත මත බොඳව ගියා
ඇසෙන සියලු දේ සත්‍යක් විය යුතුද?
කවියට නැගෙන සියලුම දේ සත්‍යමද ?
කවි පද වල ලියූ දේ සැක කල යුතුද?
‘කවියෙන් ඈත්වනු’ කීවේ මට කිමද?
කවිය බලන්න
මෙහේ මැරුනොත් කොහේ යාවිද?
මෙහේ මැරුනොත් කොහේ යාවිද?
(නොහොත් වික්ෂිප්තය)
ඉපදුනේ මම රජ රටේ
කොළොම්පුර ඇති දැඩි වුනේ
හැදුනෙ වැඩුනේ සිහල බත් කා
විදේශයකයි මැරෙන්නේ.
කබා කලිසම් ඇදන් හිටියත්
හිතේ ඇත්තේ ඔසරියයි
විදෙස් බසකින් කතා කෙරුවත්
දිවග ඇත්තේ හෙල බසයි
සෑමදාම නිදා ගන්නෙ
සුද්දගෙ පිට රටක වුනත්
නැගිටින්නේ නම් හැමදා
මනසින් දුටු හෙල බිමෙයි.
මරණින් මතු නිර්වාණෙ ද?
බ්‍රහ්මන් හෝ ස්වර්ගයද?
අපි ඔක්කොම එකම ලෙසට
අළු හෝ පස් නොවන්නේද?
කවිය බලන්න
දෙවියන් සමග සටන් කරමි
දෙවියන්ට අයිති
මහාර්ඝ වස්තුවක්
දෙවියන්ගේ දෙවොලින්
හදේ සගවා ගතිමි
සිහිල් සද දිදුලන
මකරන්ද පොකුණක
දෙවියන්ගේ උයනින්
පල සොරාගත්තෙමි
ලෝකයේ ඇස් වැසූවත්
මගේ හුස්මක් පාසා
දෙවියන් මා දකින බව
නිසැකවම දනිමි
ගිරි දුර්ග පිරුණු
කටුක මාවතක
දෙවියන්ගේ උදහසින්
සැගවී පලා යන්නෙමි
එහෙත් කිසි මොහොතක
ආපසු නොහැරෙමි
මිනිස් දුවක් විලස
දෙවියන් හා සටන් වදිමි
කල්පයක් කල්පයක් පාසා
ආදම්ගේ ඉලඇටයෙන් මැවූයේ
නොනැමෙන කැරලි ගසන්නියක් බව
දෙවියන්ට පෙන්වමි
කවිය බලන්න
මැවුම්කාර දෙවියාට
බර ට බර බාර වී
නොවදිනා වැදුම් වැද වැද
පුද පුදා කෙලවරක් නැතිවම
වැද වැටි වැටී ඉල්ලද්දි..
එහෙවු උන් දිහා ඇහැක් ඇර නොබලාම
16-17 පොඩි උන්ට
විසේ විද ගන්න ගිය එව්වන්ට
"එපා මයි" කිය කියා
පෙති කරල් අහුරු බොන උන්ට
මග අහුරලා තිබ්බත්
පිටින් හරි ගෙනිහින් එල්ලලා එන
මොකට තව කියනවද ඒ වග
සිංහල ද ඉංග්‍රීසි
හොදයි කියනා තවත් චිකිත්සා
නියගලා අල උනත් කාවි උන්
ගුණයි කීවොතින් නැකතකට තම්බලා..
එහෙව් කැප වෙච්ච උන් ම මග ඇර
උපන් ගෙයි හැර දාන
අතරමග දමා යන
ගගට මුහුදට විසි කරන
උන් ට නැති දරු පෙම
උන්ගේ මත්තෙම හෙලන
අනේ ඇත්තට..
මොකට ඔය මැවුම්කාරකොම
ඕක දීපන් ළමයෙකුට... !!!!
2023/03/01
කවිය බලන්න
තන්හා
ගිරි ශිඛර මත
හිදිමින් දෙඅත් බැද
නොපියවා පියවුනු නෙතු යුග
පෙන්වමින් ලොවට
සමවැදුන මෙන් දැහැනකට...
නොනැවතී දිවෙන ලෝ තලය
නගා ගොරහැඩි හෙන හඩ
සිදීමක්නම් පේනතෙක් මානෙක නොමැති
මහා ජලස්කන්ධය මෙන්...
මුරැගසන් වරැසාව දැක දැක
තතනමින් ඉන් මිදෙනු වස්
නොනවතියි සබැදියන්ගේ
කෙලකෝටියක් වු තෘෂ්ණාවෙ
ගග නොවෙද මේ ගලන්නේ...?
කවිය බලන්න
කඩුපුල් මල්
සල් උයනෙන් හැරී නැවත පැමිණිය
දරු උපත එලිමහන
නෙළුම සොඬින් ගත් සුදු ඇත් සිහින
සිත දරන් මිලින වුනිද ඇය
කිසිදා අරුනළු නොදකින
කඩුපුල් මලක් විලසින
රුහිරු ගලනා විට
නෙක සංකූලතාවනට
නිසි ප්‍රතිකර්මයක් කරනට
දිව ඔසුවකටවත් අනේ බැරි විද
පසු සටහනක් නැද්ද බලනට
රාජකීය වෙදදුරාගෙන් ලද
කුතුහලෙන් සංවේගයෙන්
පිය නගමි නුවර තක්ෂිල..
ගම් දනවු සැරිසරමින්
කරුණු කාරණ ඇසින් දුටු කළ
නැණස පෑදෙනු ඇති බවක්
කියයි ඇදුරිඳු දිසාපාමොක්
ගෙදර එන්නැයි ඉක්මනින්
ඉල්ලා ලියූ කන්නලව්වක්
සුරත ගුලි කරගත් මවක්..
උණුසුම ඇතත් යන්තමින්
නෑ හදවත ගැහෙන වගක්
ඇසේ බිළිඳෙක් කෑගසන හඬක්
නිමිත්ත- 2023 ඌරගොඩ දේශණය
කවිය බලන්න
දැක රහසේ දිරා යතී
ගිනි ගන්නවා වාගෙයි වැව් තාවුල්ල
ඉරි තලලා ගිහින් දිය නෑ වැව් පතුල
කුඹුක් ගසේ මුල් දිරලා පිපාසෙට
කොකාගෙ සුද මඩ පතුලේ නිදාගෙන
අපා දෙපා සිවුපා සැම බඩගින්නේ
කලා සොලස පිරි සඳ කැහැටුව අහසේ
වලා කුලක් නැත කදුලක් හෙලන්නට
ගසට හිතක් නෑනේ දුක කියන්න ට
විසල් රුක්ෂ දැති රෝදෙන් හැඩ කෙරෙති
මහ මැදුරක වන පලසක සුව සදති
කකා බිබී නටනා උන් දැක හඩති
උන්ගේ රහස් දැක රහසේ දිරායති...
කවිය බලන්න
අවුරුදු කවි
කොවුලා ගොසින් ඉගිලී හොරැහින් කාටත්
එරබොදු මල්ද පරවී දියවී පාටත්
දරුකැල නොම බලයි උන්චිල්ලා දෙසවත්
ලොකු වෙනසක් දැනේ අද අවුරුදු දාටත්
අවුරුදු කන්නෙ කොහොමද අත මිට හිඟවී
ගම රට යන්නෙ කොහොමද බස් මග හිරවී
පෝරද නැතිව ගොවියා අද අසරණවී
අවුරුදු දවසෙ දෑසම කඳුලින් බරවී
ගෑස් සිලින්ඩරයක් වත් නැතිව අනේ
කොහොම උයන්නද කිරිබත මට නො දැනේ
කැවුම් බදින්නත් බැහැ ලොකු දුකක් දැනේ
රට කරවන හැතිකරයට මෙය නොපෙනේ
නොමහැර සිතින් හැම විට මව්බිම විපත
සමරන නමුත් දුරු රට අවුරුදු සිරිත
ජන දුක් ගින්න නිමවා සතුටේ පුවත
පතනෙමු ලක් මවට හද මත ලා සුරත
අප්‍රේල් 2023
කවිය බලන්න
දෙවිවරු
ගහක දරුවන් හැදී වැඩුණද
ඇයට අයිති ද මලක් හැමවිට
ගඟක් නිහඬව ගලා හැලුනට
එයට උරුමද මහා දිය කඳ
කැලෑ ළමයින් නිදන රෑ කල
කිරට හරවා මහා වැසි කැට
පොවා උන් හට කියා දුන්නා
බෙදන හැටි සෙනෙහසේ උල්පත
එහෙව් දරුවන් සසුන වෙත දී
එකත්පස් වී හිඳින පියවරු
දෙස බලාගෙන හඬනවා ඇති
සොබාදහමට අයිති මව් වරු
කවිය බලන්න
සොදුරු නොසැලකිල්ල
ඉතා සියුම් ලෙස සීරුවට හැද පැළද
තවරා සුවද වත්සුණු නොම ලෙද
දන්නේ යැයි සිතු
එහෙත් නොම දත්
කලාවේ සියුම් රස තැන්
කිසිත් නොම දැක
'සියල්ල' නීරස වේ..
'සියල්ල' නොගැලපේ...
බලනු මැන මා දෙස
දෙනු මැන මුවේ මදහස
සරල බව කැටි කොට
ඔහේ විසිර යන සළුපිලි
සුලගේ ඉහිරෙන කෙහෙරැලි...
මවයි අපුරු රසයක්!
ඔප දැපු මිහිරකට වඩා..
පැහැරගත්තත් එය මා නෙත්
කිසිවිටෙක නැත! මගේ හදවත්....
කවිය බලන්න
එලොව ගිය සැමියාට...
තිබුණාට මහ ගොඩක් හීන හිතෙ තද කරන්
සිතුවේම නෑ මෙහෙම දුකක් ඉන්නට දරන්
ගියවේලෙ දරුවන්ගෙ කඳුළු වැල් නුඹ අරන්
මහරෑට පිල්කඩේ මම සුසුම් ලන තරන්
තනියා මහ රෑ මැදම වැදි හේනට එදා
පෙරලා දැම්මලු පැල් කොටේ නුඹ සිටි නිදා
විඳලා වේදනා ගත් මහාපොළොව බදා
තනිවී වෙහෙස ගමී දරුවන් ගන්න හදා
තිබුණෙ නෑ කිසි දෙයක් හේනෙ කපලා ගන්න
උන්ට කැඳ වතුර ටිකක් වත් හදලා දෙන්න
අතත් මිරිකා හොරෙන් මුදලාලි බඩු දුන්න
බැලුවෙ ණය හිලව්වට අපේ ගෙට ගොඩ වෙන්න
ඉන්න තැනින් ඇවිත් හිමියනි හීනෙන් අත වනාපන්
යන්න බෑ උබැහැට එහෙම අපිට කවුදැයි හිතාපන්
දුන්න මෙ ගිනි ලෝක පාලන දෙවියනි දැන් නිවාපන්
ගන්න මගෙ අත සසරෙ සරණා හැම භවෙකම පතාපන්
කවිය බලන්න
ජීවිතය.........
අනන්තයෙ සිට අතීතය තෙක්
ගලා ගිය දිවි මං සිසාරා
දිලෙන තරු මල් නෙත දකින්නැති
පැතුම් පිණි මල් වැල් ගොතාලා
සිතුන මුත් එය සිතුවමක් යැයි
හද තුලට සැනසුම සදාලා
සිහිනයක්මය පාට පාට්න්
හැඬ වු නෙත සිත් මල් නසාලා.
පිපී දිදුලන අහස් තලයේ
එළි විහිදුවා තාරකාවන්
මවා පැතුමන් නිවා සනහස්
මැවුනි සිත තුල කල්පනාවන්
මැකී හසකැන් රැඳී නෙත් දිය
දරා හදවත් වේදනාවන්
යළිඳු දිවයයි පතා සැනසුම්
එයද ජීවන මංමුලාවන්.
තබා පියවර ඇවිද ගිය මං
පාළු වී ඇතිදෝ සිතෙයි
සඳු ද හිනැහුනු තුරුණු අහසේ
තරු ත් දැන් ගිලිහී තිබෙයි
මිලානව ගිය මලක පෙති මත
රුදුරු කටුවක විස දැනෙයි
සොඳුරු යුගයක වියරු සිහිනෙක
දෙනෙත් දැන් අවදිව තිබෙයි.
නැඟී කඳු මුදුනකට දිවියේ
බැලූ විට බිම පෙනෙන්නේ
සිසාරා ඇති තුරු මුදුන්වල
සොඳුරු මල් නෙක දකින්නේ
එ මල්වල මුදු සුවඳ සමඟින්
සිත අතීතෙට දුවන්නේ
සිහින මල් වල මතක සුවඳින්
නෙතට කඳුළැලි පුරන්නේ.
කවිය බලන්න
සැනසුම..
ඔබෙ පුළුල් උරහිස..
එතෙක් මෙතෙක් මා ලද
සුරක්ෂිත ම නිවහන.
ඉහිරී කඩා වැටෙන
හැම මොහොතකම
වාරු දී සනහන.
ඇවිද හුරු මගතොට.
නන්නාදුනන ඉසව් වල
සමහරවිට...
අසරණව හිඳිත්දී
සෙනෙහෙන් සුරත ගෙන
නොවෙනස්ව පාන.
වසර ගණනක් පුරා
හැල හැප්පීම් දහසක් මැද
තාමත් මදකුදු නොවෙනස්ව
උණුසුම් සිහිල දෙන.
හිතුවක්කාර හිතක සක්මන
මොනවට දැන හැඳින
අදත් හිස
වත්තන් කරගෙන අසයි
මහන්සි ද මැණික!!
කවිය බලන්න
ලිපිනයක් නැති ලිපියක්
ඉක්මණින් යමු යමුයි පවසා
ඇද සිටි ඇදුම සමගම
පෙරැත්නය කළ ලොකු පුතු කැටිව
ආපු දුර නම් ගව් ගණන් විනි
මෙතන හිද ගත් පසුව
මා දමා යන ලොකු පුතුට
නැහැ කලේ වෛයිරයක්
මයත් පැතුවෙම ජයම වෙන්නට
නාදුනන ඉසව්වක
දමා යන විට නිදැල්ලේ
හුස්ම පොද හිරවුනත්
නොඅගවා ඒ බව
සෙත් පැතු හැටි මතකය
කොවුල් හඩ නද දෙන
රබන් හඩ කරකැවෙන
රතිඤ්ඤා පුපුරණ
මා ලයයි මේ හැම තැන
පුතු ඇයිද පමාදය නොදන්නෙමි: නොදන්නෙමි.
කාලයත් දැන් ගෙවී ගොස්
මතකයේ නිම්නයෙන්
මැකී ගොස් තිබුණත්
අදිමි අද නුඹේ රුව
කාට දෝ හමුවන්නට
ලැබුණු මේ කඩදාසිය
පියුම් මහතෙක් නොමැති
ලිපිනයක් නැති ලිපියක් සමගින්
කවිය බලන්න
පුරුදු සුවඳ
බහ තෝරන වියේ පටන්
සමන් පිච්ච මල් සුවඳ
වින්ද මට.....
චෙරි මලේ සුවඳ
දැනෙන්නෑ අම්මේ.........
කියල උඹ කීවම.....
අම්මගේ මූණෙ හැඩ....
දැණුනා ද දුවේ උඹට.....
කවිය බලන්න
පංචිකාවත්තෙ කවියක්
බෙල්ලෙන් අල්ලාන කරකවා
හිතුනු පැත්තකට විසිකරන
අරුම පුදුම රවුමකි
මුලටම හයිකරපු පදයකි
ඒවගේ උන්ට ගැලපෙන හින්දම දාන්නැති
පදික වේදිකාවේ මැදක වියපත්ව තනිවුනු ගසකි
අතු පතර තුරුණු කාහලයින් පිරි උදෑසනකි, ඉරිදාවකි
ඒත් උන්ගෙන් එකෙකුට වගේ වගක්වත් නැති ගානකි
මං හිතන්නෙ ඌ කසාදයක් බැඳපු
කපුටෙක් වෙන්නැති
සමහරවිටක ඊයෙ රෑ වෙච්චි
නෝක්කාඩුවක ඉතුරුවක් ඇති
බාගදා රැවුම් ගෙරවුම් නම්
අරුමෙකුත් නැතුවැති
උදේ තේ එකවත් හම්බෙලා
නැතුව වෙන්නැති
කන්ථක පරපුරේ මිලේනියම් පුරුකක පෙනුමැති
යකඩ ඔලුවක්, පපුවක්;
ඇතුලෙ හොඳ හදවතකුත් තියෙන්නැති
අත් වැනුවෙ දුක හිතිල
කහට එකවත් බෙදාගන්න වෙන්නැති
බැලුවෙවත් නැති හැටියක්;
ඌ ලොකු අවුලකින් ඇති
----------------------------------------------
හදිසියෙම කෑ මොර ගැස්මකි
ලඟම කොන්දොස්තර උතුමෙකි
කොහෙටද යන්නෙ; සල්ලි....?
සැරෙන් විමසුමකි
----------------------------------------------
විස්වාසයි උටත්
කාක්කට වගෙම ගෑනියෙක් ඇති
එක්කො ආදරෙන් පැරදිච්ච
මං වගෙකෙක් වෙන්නැති
මොබයිලේ ලියවෙන කවියකට
ඔය වගෙ හේතුවක් හොඳටෝම ඇති
නැවතුමක් මගහැරුනු කාරණා
අනුන්ගේ ඕපාදූප හොයපු පාපෙ වෙන්නැති
කොහොම උනත් අන්තිමට උගෙ හිතෙත්
දරුවන්ගේ මූණු මැවෙන්නැති
කෑම ඩිංගිත්තක්වත් හොයන් එන්න
බඩගින්නෙම බ්ලූමැන්ඩල් පැත්තටවත් යන්නැති
අපෙ තාත්තත් ඔය කොහේ හරි ඉඳන්
මං දිහාම බලාගෙන ඉන්නවැති
කවිය බලන්න
මෙහෙමයි යාලු දම් දීපයෙ කෙරිල්ලේ
සාලයො ඉස්සො තලපත් ඇත ලෑල්ලේ
පිළිගඳ සල්ලි පෙට්ටිය ලී සැකිල්ලේ
අසරණ දෙවි බුදුන් බිත්තියේ එල්ලේ
මෙහෙමයි යාලු දම් දීපයෙ කෙරිල්ලේ
04.12.2003
කවිය බලන්න
තිබුණාද ඔබටත් සොදුරු ළමා කාලයක්
කඩදාසි ඔරු හදා බොර වතුරේ පා කරන
අඔගහට ගල් ගසා ලපටි ගෙඩි බිම දමන
වැහිපොදේ පොත් මිටිය හිසතබාගෙන දුවන
තිබුණා ද කාලයක් හිතේ නිදහස පිරුන
බඩගින්න දැනුණු කල කුස්සියේ සැරි සරණ
අතට හසු වූ දෙයක් හනි හනික ගිල දමන
පාටකුරක් අරන් බලි කුරුටු හැඩ මවන
තිබුනාද කාලයක් හිතේ නිදහස පිරුන
වැහි වතුර ගලා එන පීල්ලෙන් දිය නාන
දුරුත්තේ ලිප අසල වකුටු වී ගිණි තපින
ස්කෝලේ මගහරිනු මග සොයා බඩ රිදෙන
තිබුනද කාලයක් හිතේ නිදහස පිරුන
13/03/2023
ශ්‍රීයානි උඩගoගොඩ
මහනුවර
කවිය බලන්න
කොකබරාගේ පණිවිඩය
නැවත නැවතත් සිනා සෙයි ඌ
මහා සද්දෙන් නැවත නැවතත්
කාටදෝ ඌ සිනා සෙන්නේ?
ප්‍රීතියෙන් වද මේ උදෑසන?
කටුසු භෝජන රිසි ලෙසින් ලැබ
ප්‍රීතියෙන්වද සිනා සෙන්නේ?
විය නොහැක එය. වැස්ස සීතල
තදින් දැනෙනා මේ උදෑසන
දුක් ගැහැට නොතකා සිටින්නට
වන්න ඇති මේ වියරු සිනහව
කොතෙක් ඇති දුක් ගැහැට ඌ හට
කුඩා දුක් වුව සසදනා කල
මිනිස් වග පෙළනා ගැහැට මෙන්
අවුල් වියවුල් නොමැත ඒ දුක්
නොමැත තන්හා, නොමැත වෛරය
නොමැත කිසි කල පෙලීමක් අන්
කවරදා වත් නොවේ සොරකම්
නොවේ රැවටුම්, ඉරිසියා නැත
එයින් ලද තෘප්තියෙන් දෝ ඌ
සිනාසෙන්නේ මහා සතුටින්?
එසේ නැත්නම් නිරායාසෙන්
හඩනවාවද ජන්ම සිරිතට?
මිනිස් අප දකිනේ සිනහ ලෙස
අපේ මනසේ පිළිබිඹුව ම ද?
(නිහඩ පාසල කෘතියෙන්)
කවිය බලන්න
කුළු වැව් සහ මහ වැව්
මහ වැව්වල රොන් මඩ පොඩි කුළු වැව්වල රඳවන්නේ
එනමුදු නැහැ ඒ හැම යළි මහ වැවටම පවරන්නේ
අසිරි සිරිය වැඩි වැඩියෙන් කුළු වැව් වට පැතිරෙන්නේ
මහ වැව් බඳ බිඳුණෝතින් කුළු වැව් හැම යටවන්නේ
කවිය බලන්න
දියුණු දාට අපි අවුරුදු කමු යාලූ
එකම හිරුයි මගෙ අහසට පායන්නේ
ඒ හිරු රැසින් සඳ තරු සැම දිදුලන්නේ
අවුරුදු උදාකර බක්මස සරසන්නේ
කොවුලන් නදින් ගමටම එය සැලවෙන්නේ
දෙවටේ ගහේ අද පුහුලන් නෑ හැදිලා
ගස් වැල් කිසිත් නෑ සරුවට පල දරලා
පොල් නැති රොටී අම්මා කුස්සියෙ හදලා
මගෙ බාගයෙන් දෙන්නම් බාගය බෙදලා
අම්මගෙ වට්ටියට අද එලවලු නෑලූ
අප්පට මනින්නට කුරිනියෙ වී නෑලූ
අත්තම්මට බෝතලේ බෙහෙතුත් නෑලූ
අවුරුදු කල් අරිමු අපි කොවුලනි යාලූ
අක්කගෙ ගවුම් ඔක්කොම දැන් පරනයිලු
අයියගෙ සපත්තුවෙ අඩි තැන තැන නෑලූ
දියුනු වෙමින් රට තාමත් යනවාලූ
දියුණු දාට අපි අවුරුදු කමු යාලූ
කවිය බලන්න
ලියුමක්
හැබැහින්ම නැතත් අම්මේ
නුඹව දැක්කා හීනයක
ඉන්න තැන දුරක් වුණාට
හිතේ නැති බව
ගව් ගණන් දුර
හැමදාම දැනුණාය
පොඩි එකත් නිතරෝම
අහන්නේ අත්තම්මව
ලියා ගන්න බැරුවත් අයන්න
අමාරුවෙන් අඳිනවා ටයන්න
කතන්දරයක් අහගන්න
මග බලන් ඉන්නවා හැමදාම
කුලී නිවසේ දිග පළල
මදිය අම්මා ආවොත් නවතින්ට
බස් එකේ දෙපැත්තට
එක් දහස් දෙසීයක්
අතේ ඇති වෙලාවක
එන්නම් ඇවිත් යන්නට
ඉතින් මම නවතිමි
බෙහෙත් ටික බොන්ට වෙලාවට
කවිය බලන්න
දහමින් යහමින් ගැරීම
ගං තලාවෙක පතුල හාරා
ගොඩට ගෙන වාලුක තලී
මහා සෑයක් සදනු උදෙසා
'බැතිමතුන්' අත යයි ගැලී
නිවන මුදලට ගන්න හැකිනම්
දෝත පුරවා ගෙන වැලී
එතර වන්නට සසර සයුරින්
අන්ධයන් වේවිද මැලී
කවිය බලන්න
මං ගිය දා
මා ගියදාක ගෙන ආ ලෙස පතාගෙන
පාවෙමි ඔබව කුසුමක් සේ බලාගෙන
යායුතු නොවේ අඳුරේ මා හොයාගෙන
පේවෙමි ඔබට හෙවණැල්ලේ එතීගෙන
නිසලව තැනෙක ඔබ කඳුළෙන් සිටින සඳ
අසලම ඉඳිමි මම අත්වැල් තදින් බැඳ
බැස ඇති අරටු මුල් අප හිත් වටා අද
හිස මිය ගියත් ඔබ මා වෙන් කරාවි ද
මා නැති දිනෙක තනියට තනිවෙන්න හැර
පාකර එවමි මඳ සුළඟක් සුවඳ කර
සාගර සදිසි අප ආදර කතන්දර
හීනෙන් ඇවිත් කියවන්නම් වරින් වර
පණ ඇති ලෙසින් යළි අප හමු නොවන කම
පැනයක් කර නොගමු හමුවෙමු දිනමු පෙම
වෙන විදියකට ගළපමු සදහටම නම
එනතුරු ඔබත් ජීවන මඟ වෙලා නිම
කවිය බලන්න
මඟ හැලුන අයෝමය ප්‍රේමය
අතට අසුවෙනා යස තර අඟනුන්ට
කවට කම් කරන්නේ මහතුනි කුමට
දුකට සැපට පාරයි තාරයි ලෙසට
යසට ගැලපෙනා අඟනක් විය මෙමට
ඩක ඩක ගගා මම මඟ ගාටන කලට
දුක දැක දැකම එල්ලී ආවේ ලගට
මක මක මඟ තොටේ නෙක පැල්ලම් යසට
මොකවත් දුකක් කීවේ නෑ ඈ ලොවට
කයිවාරුවක් නොව මකියනා වචන දෙක
බොයිලේරුවයි සහකාරිය මැකුව දුක
දයියා දමා ඈ වට ගිනි නැගෙනු දැක
උයියා කියා හැඬුවේ කළු බැරල් ටික
සල්ලන් වෙච්ච වලවල් මඟ එක දිගට
මැල්ලුන් දමා වැහුවේ නෑ හොරකමට
ඉල්ලන් සොයා ගැරුවේ නෑ බිය පවට
මැම්බර් ආවේ අපි කල පූරුවෙ පවට
ඉබි ගමනටත් අන්තයි මගේ ගමන් කියා
නොබියව දහස් පාවෝ මඟ හරස් ගියා
අබිමන් වදන් තැන තැන පුවරුවේ ලියා
නව මන් තනන්නෝ අප මඟ දමා ගියා
අහස ගුගුරවා හෙණ වදිනා කලට
නිවස කොනේ නාරස්සන එයි පිලට
පවස නිවූ දිය කල ගෙඩි දැන් කුමට
යසට ටැප් වතුර හමුවෙයි මග දිගට
මං එක තැනක ඈ ඉන්නේ තව දුරක
දැන් නෑ තාර උනු වෙන්නේ මග මෙලක
ඉන්නම් සැගව නොපෙනෙන්නට ලොව කුහක
වන්නම් මොටද ගුනයා අමතක රටක
කවිය බලන්න
හෙල්මළුවෙ තනි ගෑනු
පරපුටුම හිත් වටට හීන් හැඩපළු ගෙතුව
ඉරි තැළුණු දෙතොලතර තෙත් නෑර එල්ලෙන්න
බීර රත් පපු අඩිය කහට වක්කර තදට
වාරු නැති ජීවිතය නූල් පැටළුව තරම
තාර රත් දුමාරය පෝරුවක වැක්කෙරුව
දුම් නගන සෙත් පැනින් පරපුරම පැන් වඩන
පේ කරපු ශ්වේත සළු මැදියමෙත් නොකිළිටිව
ආයෙ ආයෙත් එඹෙන සුහුඹුලේ මධු සමය
තනි තනිව එළි හොයන අමාවක හඳ පළුව
අඳුරෙ වුව මඟ සොයන මං නැතුව මං එක්ක
කඩුල්ලට උඩින් පැන පංගලමේ එළි බැස්ස
තනි ගෑනු තවත් ඇති හෙල්මළුවෙ ගමන් යන
කවිය බලන්න
හිල්ටනයෙ ඇඳක් උඩ...................
කොළඹ හත සිසාරා
ඉදිවෙද්දි මං තීරු
හිල් වෙච්චි ටකරමෙන්
තෙමෙද්දී අපෙ මූණු
බේරෙ වැව පාමුලදි ලැබෙද්දී
මට මොණරු
හිල්ටනයෙ ඇඳක් උඩ
තැලුණා මගෙ ගත කෝඩු
අර නාකි මන්තිරියා
තමයි උඹෙ තාත්තා
වාහනේ ඇදෙද්දිම
සිරියා කී ඒ කතා
හීනයක් දෝ සිතා
මගෙ අතම කොනිත්තා
ඉඹේටම බැලුවෙ මා
පිරෙන මගෙ කුස දිහා
පුතේ උඹෙ බොස් හොඳයි
චීස් කොත්තුව රසයි
ෆාමසියෙ බෙහෙත් ටික
බිව්වා දැන් මට හොඳයි
දෙමාපියො සතුටු වී
මගේ කම්මුල් තෙමයි
මගෙ ගින්න දන්නෙ නම්
උඩ ඉන්න දෙයියොමයි
දෛවයේ සරදමින්
යලිත් මා තැලුණාවෙ
ඉහේ සිට දෙපතුලට
අප්‍රියක් දැනුණාවෙ
ලේ ටිකට පණ දෙන්න
බැරිව සිත සැලුණාවෙ
ගිලෙන්නට හිතෙයි මට
ඔයේ දියවන්නාවෙ
කවිය බලන්න
රාගයයි ප්‍රේමයයි අතරේ වෙනස කප්පරකට සමයි....
ඔබ මගේ සිරුරේ දැරූ
සියලු ලප කැලළක් දනී..
ඔබ මගේ හදවත සැරිසැරූ
කිසිම රිදුමක් නොමදනී...
සයනයේ සලෙලියක වන්නට
මගේ හිත නැත නතර වී
ඔබේ අතැගිලි බැදුන හන්දා
සිරුර බදු දෙමි ඉවසමී
හිතේ දැවටුන හිනා රැල්ලක
සුවද හදතුල ගල්වමී
දකින දා ඒ සියුම් සෙනෙහස
යළි හිතින් අල්ලා ගමී...
දුරින් හිද සත් ගවු මූදු තෙර
සබැදි පවුරක සිරවෙමී
සසර ගග තව දුර නොමැත මට
ප්‍රේමයට තව කල් ගමී
කවිය බලන්න
ඈතට යමි......
නිල් අහසේ පාවෙනා කිරි සුදු වලා කැටියේ
හිතයි මට දැවෙටෙන්න නුඹ ළඟම
රුදුරු වෙස්ගත් දනන් හිඳිනා
මහ පොළොව දුරයි මට
එතකොට...........
කෙසඟ මා වතට අන්දවා
නෙක විසිතුරු සළු පිළි
අරුමෝසම්
බරයි මා ගතට මෙන් සිතට
සුදෝ සුදු වලා රොදේ
ගනු මැනේ මා ඔබේ
ඔය සුමුදු තුරුලට.......
වලා අතරේ සැඟවෙමින්
ඉහළටම ඇදෙනා මා දැක
දරු කැල පහළ සතුටින්
අත්පොලසන් දෙන කල
දෑස කඳුලෙන් පිරෙයි නොදැනීම
නූල කැඩී වූවොත් විපත
හිමි මට යළි මහ පොළොවම ........
කවිය බලන්න
පැලකි විමනකි
වහලේ පොල් අතු අතරින් එබෙයි සඳු හිරූ
අමාවක දිනට ගනිතැකි ගෙයි සිටම තරූ
සුළගේ පාවෙයි ඉටි රෙදි වසපු තැන් දිරූ
නොතෙමෙයි ගොම මැටි ගෙබිමද වැසි වසින තුරූ
බතට පොතට පතට පිහිට ලැබෙන කුලියකී
බිළිඳු වතක සිනා කැකුලු හිසට කිරුළකී
අවිහිංසක සිතක සෙනෙහස රැඳුණු කල සකී
දිළුඳු පැලකි මැටි ගෙබිමකි සොඳුරු විමනකී
උකුලේ එල්ලී දරුවෙකි අතේ තවෙකෙකී
දහවල බත පිරිමැසුණද රැයට අඩුවකී
වවා තිබෙන අල බතලද මදක් රුකුලකී
සාමය රජයන පැලකදි දුකද මිහිරකී
අත එල්ලා කර පින්නා වෙමින් යුහුසුලූ
සැමියෙකු දුක සැප විමසන ළඳකි දොඩමලූ
රැයට බතට දිව තෙමුවද කහට බිඳ හෙළුෑ
පැදුරු කබල සුර විමනක් ලෙසය බිම එලූ
උළුවස්සේ පඩංගුවට කුමට දොරගුලූ
සොර සතුරන් නොබලති විය යුතුද බියසුලූ
තැන තැන අතුරා වැරහැලි පැදුරු කඩමලූ
කුස ගින්නේ වැතිර නිඳයි අතේ හිස ලුලූ....
කවිය බලන්න
ලේ සුවද
බිළිඳු දෑස්වලින් ලොවට බොහෝ දෑ කියවෙන්නේ,
ලේ සුවදින් පිය සෙනෙහස හදුනාගන්නේ,
ලේ සුවදේ අගනාකම බිළිදා ලොවටම අගවන්නේ,
නීල දෙණුවන්හී බැල්ම හද සසල කරන්නේ.
රජ සැප ඒ නීල දෙනෙත් නොඉල්ලන්නේ,
පිය සෙනෙහසට දෑස්වලින් ලංවෙන්නේ,
රැකවරණය හා සෙනෙහස බිළිදිය පතන්නේ,
නීල දෙණුවන්හී බැල්ම හද සසල කරන්නේ.
කොළඹ, මාලිගාවත්ත,
හාජියානි, ආචාර්ය සෙයියද් ෆිර්දවුස්බී හනිෆ්ඩීන්
කවිය බලන්න
කොහෙද ඇත්තේ අප බැඳුනු තැන
හිතට හිත රැඳී තැනක් නොම දැන
නිතර ලියවෙන වදන් ඇත ළඟ
එකදු දවසක් නොදැක ලතවෙන
යළිදු අප අපගෙන් ම අසනෙමි
කොහෙද ඇත්තේ අප බැඳුනු තැන
කවිය බලන්න
පින්කඳ තාත්තා
රෑ පුරා පියවෙන්නෙ නැති නෙත් බරට දැනුනද මට නොතෙරේ
උදේ අලුයම බත ඉදෙන්නේ නුඹේ සුසුමෙන් කියා තේරේ.
ගියත් අකුරට කොපි පොතේ පිටු අතරෙ දුක්බර මුහුණ බේරේ
සැඟවුවත් නුඹ නුඹට නුබෙ දුක නුබෙ පුතුට එය හොදට තේරේ
සලෙලු මවකට දාව ඉපදුන පව මගේ පොඩි හිතට වද දේ
නුඹ දමා ගිය කරුමෙනම් ඈ ගෙවනවාමයි දිනෙක සසරේ
නුඹේ සෙනෙහස වීද කෙතරම් මමත් නංගිත් දනී රිසිසේ
කාමයට ඇති හිතේ ලෝබය දරු සෙනේහෙත් පසෙක ලූයේ.
තාත්තේ මට නුඹේ ස්නේහෙට සම කරන්නට කිසිත් නැත්තේ.
කිරි නොවන එක පුදුමෙකී නුබෙ ලය පුරෝගෙන දුවන රතු ලේ.
හැර දමා ඇය ගිය බවක් මට දැනෙන්නෑ කිසි දිනෙක රුදුසේ
තාත්තේ නුඹ දෙවි කෙනෙක් නොව දෙව් ලොවක්මැයි අපගෙ ලෝකේ
ඔටුන්නක් සිහසුනක් නැතිමුත් රජෙකි නුඹ තේජසින් ඔපවුන
සඳකි ඈ පෑයූ අමාවක අඳුරු බියකරු හැඟුම් හැංගුන
පින්කඳේ නුඹේ දෙපා පාමුල කවද හරි හැපි හැපී වැලපෙන
දිනක් ඒවී ඈට කල පව් වලට දෙවියෝ නොම සමා දෙන.
තුසිතා සුරේකා
මීගමුව
කවිය බලන්න
මැවුම්කරු
වැස්ස වැටුනාම නුඹට සතුටුද මලින් බඹබරුන් අහනවා ඇති,
මුකුත් නොකියම අනේ මල් පෙති බඹර තටු සෙමින් පිරිමදිනු ඇති,
සුළඟ ඇවිදින් නුඹ නලවනා විට මොකද දැනුනේ අහනවා ඇති,
මොකුත් නොකියා හෙමි හෙමින් බඹරුන්ට මල් කෙමි පුදනවා ඇති,
පෝය දවසට හඳත් එක්කම තමයි නුඹ හැඩ තරු හෙමින් අහසට කියනවා ඇති,
අමාවකටත් ලඟ ඉන්නෙ නුඹයැයි කියා සඳ හිනැහෙමින් කියන්නැති,
නුඹේ කවි සිත මට තරම් නෑ නුඹත් හෙමිහිට සිතනවා ඇති,
මගේ කවි වල මැවුම්කරු නුඹ මගේ නොවුනට මගෙ සිතේ පිරි…
කවිය බලන්න
රජ මැඳුරෙන් හය රියනට
තැනුවේ නිවස මැඳුරක් ලෙස පෙර නුදුටූ
දැමුවේ වහළයට කොස් ගස් වල අරටූ
සැදුවේ අල්මාරි බුරුතෙන් කළ සිලුටූ
ලියුවේ නැත පොතක වියදම් ගා කුරුටූ
හැඩ කළ ජනෙල් හා එක එක උළුවස්ස
බීරළු යොදා තැනුවේ වඩුවන් දක්ස
වටිනා මාර ලී ගන්නට බැරි උස්ස
යෙදුවේ එයට වැයකර ගණනින් ලක්ස
ඇඳි හා කකුල් හැඩ කරවා ලියවැලිනී
අගනා තේක්කෙන් ඇඳ පුටු නිමකෙරිනී
මෙට්ටද සුව පහසු කොට්ටද එහි යෙදිනී
ඒ මත හිඳින විට දෙව්ලොව සැප පෙනිණී
නෙක අල්මාරි නැදුනෙන් බුරුතෙන් තැනුණී
මිල කළ නොහැකි රන් කහවනු එහි පිරුණී
මන බැඳි අභරණද එහි සඟවා තිබුණී
දැක මේ සියලු දෑ සතුටින් දිවි ගෙවුණී
මනරම් මැඳුර තුළ සුවසේ සිටින විට
සිත යොමුවුණේ නැත පිනකට දහමකට
පෙර පින් ඵලද අවසන් වී ගෙවුණු විට
ක්‍රමයෙන් ළඟාවුණි නොදැනිම මරු ළඟට
වටිනා කියන ගේ දොර ඇඳ පුටු මේස
තිබියදි ඇති තැනම ගෙන පින් පව් දෝස
රුක් අත්තන ඉඹුල් පෙට්ටියෙ ලැබ පාස
යන්නට ගියා ගතවන විට දින මාස
කවිය බලන්න
ටිච් මිලර් (Tich Miller by Wendy Cope)
බෝතල් අඩි උපැස්
පැලදි ඇයගේ දකුනු
පය වම් කකුල මෙන්
තෙගුණයක් තරම් විය
තෝරන විටදි පිල්
කෙලිබිමේ අන්තිමට
ඉතුරුවී වැට අසල
අපි දෙදෙනා උනිමු
'ඕගොල්ලො ඈ ගන්න'
'නෑ ඔබලා ගන්න'
මෙවන් වූ සංවාද
නොනෑසෙන විලස අපි
නොබලා උනුන් මුව
බිමට නෙත් යොමා හෝ
කුරුල්ලකු පියාබනු
බලනු මෙන් හැසිරුනෙමු
වඩා අඩුවෙන් දුබල
මා යැයි සිතු බැවින්
ඇයට පෙර මම නිතර
තෝරා ගනු ලදිමි
ඉතුරු වූ ඇය අනෙක්
පිලේ පසුපසට පය
අද්ද අද්දා ඇදෙනු
නැගේ මා මතකයට
එකොලොස් වියේ දී
වෙනත් පාසැල් වලට
අප වෙන්ව ගිය පසුව
වැඩි කල් නොගොස් මට
පෙර අපට සිනාසුනු
අකුරු බැරි ක්‍රීඩිකා
වන්ට හිනැහෙන්ට වුව
හැකිවීය ටිකෙන් ටික
දොලොස් වන වියේ ඈ
මැරුනු බව දැනගතිමි
කවිය බලන්න
සරසවි ගිය පුතා
නුබයි පුතේ අපේ ගමින්
පළමුවරට සරසවියට
තේරුනු කොලුවා
ගමේ එවුන් සංතෝසෙට
සපත්තු දෙක ඇදුම් ජෝඩු
ගමන් මල්ල ඇරගෙන දුන්නා
අප්පච්චී ඇදට වෙලා
ගොවිතැන්බත් පාලුවෙලා
ඉන්න ඉඩම උකසටතිබිබා
ගෙදර නොඑන පුතා බලං
උළුඅස්සට හේත්තු වි
අමිමාගේ දෙනෙත් රතුවෙලා
රතු තොප්පිය රැවුල වවා
පෙලපාලියෙ ඉස්සරහින්
කදුලුගෑස් බැටන් පොල්ල
අමිමාගේ හිසේ වැදි
උළු අස්සේ දොරපාමුල
කදුළු සලනවා
2023.03.23
කවිය බලන්න
පෙර නිමිති දකිමි මම
අධිකරණ විදු ඇසින්
ලොව දකින දින පටන්
මගේ හදවත බරයි
පෙර නොවූ පරිද්දෙන්
සුනීත ද සෝපාක
පටාචාරාවන් ද
කිසා ගෝතමී හා
මළ නොමළ දරුවන් ද
සත්තුක ද පුශ්ඵක ද
සත්තිගුම්භ ද අසමි
විනිශ්චය නොමැතිවම
සම සිතින් පසිඳලමි
තැලුම් කා වතුර බී
සෙනෙහසින් දරු රකින
කුල ගෙයින් නොනික්මෙන
බිම්බාට සෙත් පතමි
පණ නල ඉකුත්ව ගිය
නොම ගැහෙන හදවත් හි
සදහටම නිදන් වූ
පැතුම් විනිවිද දකිමි
දිවා රෑ නිති වැඩෙන
"අසුභය" ද සිත දරන්
වෙහෙසකර දිවිමගට
යළි යළිත් වාරු ගමි
නික්ම යන්නට වුණොත්
නොසිතූ නිමේෂයක
නොම ඇලී නොම ගැටී
සමුදෙනා මං සොයමි ❤❤
කවිය බලන්න
කවිය
පදින් පද ගලපමින් සියළු දොාස් හැරිය
පන්හිඳේ තුඩ අගින් නැවතිල්ලෙ පිරිය
ඇසිල්ලක බැල්මකින් නොදුන්නත් සවිය
නුඹයි මගෙ පන්හිඳේ ලස්සනම කවිය
මාත්‍රා අවතැන්ව සිත නොදී පිරිය
නේත්‍රා විපිලිසර වමාරා හැරිය
සිහිනෙනුත් පිලිකෙව්ම කලෙන් හොඳ හරිය
නුඹයි මගෙ පන්හිඳේ වැරදිච්ච කවිය
හුස්ම හිරවෙන තැනට වදන් දිග හැරිය
කීතු කර ඉරුවාම හිත් ගැඹුරෙ සිවිය
කැමැත්තෙන් අකමැත්ත පෙරට ගෙන දිරිය
නුඹයි මගෙ පන්හිඳේ අවසාන කවිය
කවිය බලන්න
"තාත්තාගේ ඇස්වල කඳුළු - නැවක් වුනත් පදින්න"
හංස බෝට්ටුවේ එක රවුමක් යන්න
ආසයි තාත්තේ අපි යනවද කියන්න
මල්ලිට බොන්න කිරිපිටි අරගෙන යන්න
තියෙනවා පුතේ අද බෑ ඔරු පදින්න
තාත්තෙකුට හැකිලු මහමෙර උසුලන්න
රුපියල් සීයේ බර දැණුනද රිදෙන්න
බිමට වැටුණෙ නැති කඳුළක් ඇසේ අග
තිබුණා මතකයට ආවා ඒ දවස
තවමත් යන්න බැරි වූවත් ඒ රවුම
මගෙ ඇස රිද්දුවේ ඒ කාරණය නොව
මම වගෙ ළමයි හිතුවොත් ඔරු පදින්න
ඇස් වල කඳුළු ඇති වේවිද අඬන්න
කවිය බලන්න
රෙදි අඳින්නේ මොටද මන්දෝ
පිටරටවලින් ලබනා ආධාර පිළිගැනීමට වරායට ඇමතිවරු යති. ලැබුන පාසැල් ආධාර බෙදන්නට ඇමතිලාට ඇරයුම්...
( සිනා ගෙනෙනා පුවත්)
දුගියන්ට ලැබෙනව ආධාර
ඒ ලැබෙන්නේ අනුකම්පාවට
හිඟන තැනකට වැටුනම
රට කටකත් ලැබෙනවා
ණය මෙන්ම ආධාර
ණය වෙන එකත් මාරයි
දැං අපිට සාරයි
අනා ගත හැම හමාරයි
සීයලා කෑ දේ වමාරයි
ලස්සනම ලැජ්ජාව
රට ආධාර පිළිගන්නට යෑම
ෆොටෝ ගහමින් සිනා සීම
ඒවා බෙදන්නට ගමින් ගම යෑම
මුං වගේ හිඟන්නෝ
ඉන්නා රටක මොකට ඉන්දෝ
රජ සල්ලි ගෙන බුඳින්නෝ
රෙදි අඳින්නේ මොටද මන්දෝ
කවිය බලන්න
කුසුම
තෙත බරිත නුවන් අග
සිනා හසකැන් මවා
ගිමන ලග සිසිල ගෙන
මද පවනේ දැවටිලා
නොසිතු මොහොතක නුඹේ
හද විලම කළඹලා
පිපෙමි මම කුසුමක්ව
නැවුමි සුවදක් වෙලා.......... !!
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
සුවඳ සඳුන් කොකු මඟරා
පැහැද තමන් තවරා
නොමඳ සලෙලු දන එපුරා
නිබඳ කෙළිති සතොස පුරා
කවිය බලන්න
🗙


































































































