ගැල්

ගැල්

මධුෂානි ඩයස්

බිඳී ගිය සක ඇතිව තල්ලු වී යන ගැල් ය කඩ ඇණ කැඩී උඩුකුරුව සයනයේ හොත් ගැල් ය කවුළු ළඟ නොසෙල් වී මාවතට එබි ගැල් ය ගල් ව ගිය හදවතින් ඔහෙ බලන් ඉන්නා ගැල් ය තමන්ටම තමන්ව ද අමතකව ගිය ගැල් ය හැර පියනු බැරි මතක කඳුළු කර බොන ගැල් ය අඹරාව ගැළව ගොස් හුදෙකලා වූ ගැල් ය මිණි ගෙඩි නිහඬ වන තුරු දවස් ගණිනා ගැල් ය සිත ඇති කය නැති ගැල් ය කය ඇති සිත නැති ගැල් ය යටගිය දවස දිවි බර නොලැසි ව ඇදි ගැල් ය මහළු මඩමේ ගාල් කල මේ දිරා ගිය ගැල් ය..
කවිය බලන්න