මවක විය නුඹ

මවක විය නුඹ

කුමාරි අබේකෝන් Hastings - England

දන්න දා පටන් නුඹ දනිමි දන් දුන් බව අපට නුඹ ගත සිත සවිය සහ ලස්සන තරුණ බව තනන්නට රස මසවුලක් ඇපිල්ලීමට රෙදි කඳක් හැඩ කිරීමට ගෙයක් මිදුලක් දැරූයේ නුඹ නිබඳ වෙහෙසක් සතියේ දින හතම අප පුතු ඔබ අසල දමා ගියෙමි කරගන්නට රැකියාව ඇහැක් වගේ නුඹ ඔහු රැකලා දුන්න නිසයි නොනැගුනේ ගිනි දැල් හදවතට නුඹේ ලයෙහි කරුණාවයි ඔහු දුටුවේ නුඹේ උසස් ගති ගුණ ඔහු ප්‍රගුණ කලේ මිනිසුන් අතර ඔහු හොඳ මිනිසෙකු වුයේ නුඹම නිසයි අප ආදර පොඩි අම්මේ ඈත රටක වෙසෙනා ඔබගෙන් වෙන්ව අප දැන ගතිමු හැර ගිය බව ඔබ මෙලොව දහසක් සිතුවිලි ගලයි ඔබ ගැන හදට සුවහසක් දසුන් මැවෙයි මා නෙත් අගට කඳුලක් ගලා යන විට දෙකොපුල දිගට වැලපෙන විටදි හද පැන ගිය කාලයට වෙහෙස උනත් පැතුමට ඔබ හට නිවන මගේ පෘතග්ජන සිත කියනෙමි මෙලස නිවන් දකින්නට පෙර මට ලබා දෙන්න එක භවයක් දකින්න ඔබ නිරෝගිමත් හරි සවිබල බොහෝ නැණැති සම්පත් පිරිවරා ගත්ත ලස්සන සුරගනක් ලෙසට ------------!!!
කවිය බලන්න