තිබුණාද  ඔබටත් සොදුරු ළමා කාලයක්

තිබුණාද ඔබටත් සොදුරු ළමා කාලයක්

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

කඩදාසි ඔරු හදා බොර වතුරේ පා කරන අඔගහට ගල් ගසා ලපටි ගෙඩි බිම දමන වැහිපොදේ පොත් මිටිය හිසතබාගෙන දුවන තිබුණා ද කාලයක් හිතේ නිදහස පිරුන බඩගින්න දැනුණු කල කුස්සියේ සැරි සරණ අතට හසු වූ දෙයක් හනි හනික ගිල දමන පාටකුරක් අරන් බලි කුරුටු හැඩ මවන තිබුනාද කාලයක් හිතේ නිදහස පිරුන වැහි වතුර ගලා එන පීල්ලෙන් දිය නාන දුරුත්තේ ලිප අසල වකුටු වී ගිණි තපින ස්කෝලේ මගහරිනු මග සොයා බඩ රිදෙන තිබුනද කාලයක් හිතේ නිදහස පිරුන 13/03/2023 ශ්‍රීයානි උඩගoගොඩ මහනුවර
කවිය බලන්න