කවිය

කවිය

විදර්ශා පතිරත්න කොබෙයිගනේ

පදින් පද ගලපමින් සියළු දොාස් හැරිය පන්හිඳේ තුඩ අගින් නැවතිල්ලෙ පිරිය ඇසිල්ලක බැල්මකින් නොදුන්නත් සවිය නුඹයි මගෙ පන්හිඳේ ලස්සනම කවිය මාත්‍රා අවතැන්ව සිත නොදී පිරිය නේත්‍රා විපිලිසර වමාරා හැරිය සිහිනෙනුත් පිලිකෙව්ම කලෙන් හොඳ හරිය නුඹයි මගෙ පන්හිඳේ වැරදිච්ච කවිය හුස්ම හිරවෙන තැනට වදන් දිග හැරිය කීතු කර ඉරුවාම හිත් ගැඹුරෙ සිවිය කැමැත්තෙන් අකමැත්ත පෙරට ගෙන දිරිය නුඹයි මගෙ පන්හිඳේ අවසාන කවිය
කවිය බලන්න