අවුරුද්ද

අවුරුද්ද

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

හඩන්නෙපා කොවුලෝ මට අහන් ඉන්න බෑ පිපෙන්නපා එරබුදු මට දකින්න හිත නෑ වයන්නෙපා ‍රබන් සුරල් තාලෙත් හුරු නෑ මීන රාසියට වඩින්න හිරුත් කැමැති නෑ චීත්තයක් ඇග ලාන්න පිච්චිය ලග නෑ තාචිචියක් ලිප තියන්න කදුලක් තෙල් නෑ රාත්‍රියට නින්ද යන්න නෙත් පියෙන්නෙ නෑ කෝච්චියට හිස තියන්න හිතේ හයිය නෑ ඔටුන්න රැක ගන්න මිසක් රජුට වගක් නෑ රටට දැයට හෙන වැදුනත් උන්ට කමක් නෑ හෙට උපදින උන්ට ඉන්න රටක් ඉතිරි නෑ මුන්ගෙන් ගැලවුනොතින් අවුරුදුත් ඕන නෑ
කවිය බලන්න