ලතැවුල්

ලතැවුල්

චාන්දනී ආර් වේරගල මීගොඩ

විඩාපත් ඇගෙ මිලින වත කුසුම පතිනි මවුනේ තවම නුදුටු වෙ ද දොවා කඳුලින් සළඹ කල යැදුම පතිනි මව් දිව කණින් නොඇසු වෙ ද මහා සෑ මළුව මත පහන් තිර ඇගේ පැතුමන් සමග දැවුණෙහි ද පිදූ කිරි අහර වල රස සුවඳ දෙව් ලොවට නොදැණුනේ දුර වැඩි ද ඇගෙ සිහින ලෝකයේ සුනිල විල් සුපුල් සුදු පියුමන්ට අකැප ම ද ඇගෙ යහන පැදකුණු කරන්නට ඇත් පැටව් තවම මග සොයනව ද නැවුම් දිය කළ හතෙන් දෙවූ දා පොල් මලෙහි ඇටි සරුව නොතිබිණි ද මගේ හිස මව් කිරුල තැබූ ඇය ඒ කිරුල දරන්නට පින් මදි ද ඇගෙ සුසුම් ගිනි වැදී දැවෙන මට මිත්තනිය වන වරම අහිමි වෙ ද
කවිය බලන්න