මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සරසවි දෙනෙත් උණු කඳුළින් තෙමුන වගයි ස්වර සප්තකයෙ මියැසිය නිහඬවූ වගයි මනරම් ගී සයුර නැගු හඬ මිලින වගයි නුඹ රැදී ගී සඳක් අහසින් වැටුණු වගයි ------ මිනිසත් කමෙන් පිරිපුන් හදවතක් ය කවදත් සෙනෙහසින් පිරි මුදුසිතක් ය ගැඹුරත් නොගැඹුරත් දුටු පරතෙරක් ය දුටුවත් නොදුටුවත් පරසතුමලක් ය ---- අත ගැටි කලේ තැබු සත්සර රටා වෙන් ඇත ගිය මහ දුරක් රැදී තක්ෂලා වෙන් සිත පැහැසර නැගූ හද නිල් වළා වෙන් නැත ගී අඹරෙ සඳ අද තරු රටා වෙන් ---- ස්වර සප්තකය ගෙන ගිය ගවු දහස් දුර වර ලත් දනෝ හෙළ මියැසියෙ පරස් පර රසතැන් සොයසොයා යනමඟ නිරන්තර තුන් කල් පුරා ගෙනදේ රස දොරින් දොර --- තෙපලූ වදන් වුව සත්සර හඬින් මුසු සත්දන වැළදගති විස්වයෙ කොතැන ඇසු ස්වර යෙන් සිත් නිවූ පින දී දිවය ඔසු සත්තයි හෙටත් ඔබ එයි යළි අදින් පසු --- සාහිත ලොවේ නව මං තල සොයා ගිය නෑ ඔබ අතැර රජකෙරුවේ බොහෝ අය පෑ සෙනහසින් ගෙවු සද දිගු කලක් විය නෙත් දිය වගුරුවති විත් දන සතර දිය ---- සියොළග තෙදැති එඩිබල වඩවා තිබුණත් හදවිල සුපිපි නෙළුමක් මෙනි මුදු පැහැපත් සමගිය සතුට බෙදු නිවසින් පිට සැමටත් ඔබ මහා කලාකරුවෙකි නිවනට නොගියත් ---- ගිනිදැල් එදා නිවු ඇවුළුණු මුල් ගී යෙන් හදවත් සිදුරු කළ පේමා දර හී යෙන් පැල්පත් එකතුකල සුවිසල් මහ පායෙන් දුම් රොඩු දැක තැවෙති ඔබෙ ඇවිලෙන සෑයෙන් 30/3/2023
කවිය බලන්න