කවියක් කල හදියක්

කවියක් කල හදියක්

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

සවනත වැකුන දෑ පද වැල් වලට ගොතා ඉමිහිරි තනුවකුත් සමගින් ලෙසට කතා ගොනුකොට තබා ඉන් රසයක් විඳිනු පතා පන්හිඳ උනා දොඩමළුව පත් ඉරුව පුරා හතලිස් වසරකට පෙර අඳුරුම දිනකි ඒ ගැන ලියන්නට මතකය මදි සෙයකි එනමුත් ඉල්ලීම පසෙකට දා නොහැකි කවි පද කලේ දරුවකු කන වැකි දෙයකි සිංහල දෙමල මුස්ලිම් බිර්ගිර් ද කියා නැහැ වෙනසක් අපි එක පාසලට ගියා ඒ බැඳී සෙනෙහෙ අදටත් මතකයේම තියා පන්හිඳ ගොළුයි කවි පත මත බොඳව ගියා ඇසෙන සියලු දේ සත්‍යක් විය යුතුද? කවියට නැගෙන සියලුම දේ සත්‍යමද ? කවි පද වල ලියූ දේ සැක කල යුතුද? ‘කවියෙන් ඈත්වනු’ කීවේ මට කිමද?
කවිය බලන්න