ආදරය කියන්නේ .....

ආදරය කියන්නේ .....

කමනිකා මොහොට්ටිගේ

ආදරය කියන්නේ පොකුරු වැස්සට වැටෙන්නට ඉඩ දීමය... ටැංකියක සිර නොකිරීමය .. වතුර බොර නොකිරීමය … ගලා යන්නට නොදී, වැවක් නොබැඳීමය … ආදරය කියන්නේ ගඟක් වන්නට දීමය … ගල් පර වල හැපී පෙණ කඳුළු නගන විට, අහස වී තනි රැකීමය …. වියළි බිම් තෙත් කිරීමය … ගහ කොළට දරු සෙනෙහෙ දීමය .. සතුටු කඳුළක් දෙකක් එක් කර ගමනට සෙත් පැතීමය … ආදරය කියන්නේ පොකුරු වැස්සට වැටෙන්නට ඉඩ දීමය... .
කවිය බලන්න