මැවුම්කාර දෙවියාට

මැවුම්කාර දෙවියාට

නයනශාන්ති දිසානායක

බර ට බර බාර වී නොවදිනා වැදුම් වැද වැද පුද පුදා කෙලවරක් නැතිවම වැද වැටි වැටී ඉල්ලද්දි.. එහෙවු උන් දිහා ඇහැක් ඇර නොබලාම 16-17 පොඩි උන්ට විසේ විද ගන්න ගිය එව්වන්ට "එපා මයි" කිය කියා පෙති කරල් අහුරු බොන උන්ට මග අහුරලා තිබ්බත් පිටින් හරි ගෙනිහින් එල්ලලා එන මොකට තව කියනවද ඒ වග සිංහල ද ඉංග්‍රීසි හොදයි කියනා තවත් චිකිත්සා නියගලා අල උනත් කාවි උන් ගුණයි කීවොතින් නැකතකට තම්බලා.. එහෙව් කැප වෙච්ච උන් ම මග ඇර උපන් ගෙයි හැර දාන අතරමග දමා යන ගගට මුහුදට විසි කරන උන් ට නැති දරු පෙම උන්ගේ මත්තෙම හෙලන අනේ ඇත්තට.. මොකට ඔය මැවුම්කාරකොම ඕක දීපන් ළමයෙකුට... !!!! 2023/03/01
කවිය බලන්න