කොකබරාගේ පණිවිඩය

කොකබරාගේ පණිවිඩය

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

නැවත නැවතත් සිනා සෙයි ඌ මහා සද්දෙන් නැවත නැවතත් කාටදෝ ඌ සිනා සෙන්නේ? ප්‍රීතියෙන් වද මේ උදෑසන? කටුසු භෝජන රිසි ලෙසින් ලැබ ප්‍රීතියෙන්වද සිනා සෙන්නේ? විය නොහැක එය. වැස්ස සීතල තදින් දැනෙනා මේ උදෑසන දුක් ගැහැට නොතකා සිටින්නට වන්න ඇති මේ වියරු සිනහව කොතෙක් ඇති දුක් ගැහැට ඌ හට කුඩා දුක් වුව සසදනා කල මිනිස් වග පෙළනා ගැහැට මෙන් අවුල් වියවුල් නොමැත ඒ දුක් නොමැත තන්හා, නොමැත වෛරය නොමැත කිසි කල පෙලීමක් අන් කවරදා වත් නොවේ සොරකම් නොවේ රැවටුම්, ඉරිසියා නැත එයින් ලද තෘප්තියෙන් දෝ ඌ සිනාසෙන්නේ මහා සතුටින්? එසේ නැත්නම් නිරායාසෙන් හඩනවාවද ජන්ම සිරිතට? මිනිස් අප දකිනේ සිනහ ලෙස අපේ මනසේ පිළිබිඹුව ම ද? (නිහඩ පාසල කෘතියෙන්)
කවිය බලන්න