විසල් හදක කවි
උපුටා ගැනීම - සඳගිර පාමුල - 2015 දෙසැම්බර්
සදත් ඇතුන් පසුපස ආ ඇතිනි මෙන
ඇවිත් ඇහැ ලඟට රෑ හීනෙන් පෙනෙන
නොදත් නමුදු මා සිත විතර ද පමණ
එදත් නුඹ ම පමණය මා පැතු සෙවණ
හේමමාලිටයි.............
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
ලන්ඩන් කවි ජනවාරි කලාපයට උරදුන් තිහක් පමණ වූ ජ්‍යෙෂ්ට කවීන්ද්‍රයින් සහ සතළිහක් පමණ වූ අනෙක් දක්ෂ කවි කිවිඳියන් හට අපගේ නොවක් ස්තුතිය පුද කර සිටිමු.
‘හැම හෙළයෙකුම කවියෙකි’ යැයි රොබට් නොක්ස් කීවේ නිකමට නොවේ. කවියක් ලියා නැති, නොඑසේනම් ලියන්නට උත්සාහයක්වත් කර නැති, එසේත් නැත්නම් ප්‍රේම කවියක් කොපි හෝ කර පෙම්වතෙකුට පෙම්වතියෙකුට නොදුන් අයෙක් සිරිලක සිටීයැයි මා සිතන්නේ නැත. කවියා දුප්පතෙක් යැයි නොමනා කතාවක් තිබේ. ඒ බොහෝවිට කොළඹ යුගයේ කවීන් අරඹයා කියවුනක් යැයි සිතමි. ජාතික ඇඳුම හැඳ, බොහෝවිට බුලත් විටක් ද හපමින්, කවිය තම දිවිය කොට ගත්, කුඩා කවිපොත් මුද්‍රණය කොට විකුණා ජිවත් වූ සමහර කොළඹ යුගයේ කවියන් වූහ. ඉන් කීපදෙනෙක් මා හොඳින් දැන සිටි අය ය. ඒ ඔවුන් බොහොමයක් අතකසයේ හමුවීම් සඳහා මපියා මුණගැසීමට අප නිවසට ආ ගිය අය නිසාය. එහෙත් අද කවියාගේ තත්ත්වය එසේ නොවන බව අප දනිමු.
ලන්ඩන් කවි අපි, අද ලන්ඩනයේ සිට කවි සිඟා යදිමින් යන්නෙමු. නිතර නිතර කවි ලියමින් සිටින ශ්‍රේෂ්ට ජ්‍යෙෂ්ට කිවිවරුන්ගෙන් අළුත් කවි ඉල්ලමින් ද බොහෝ කලකින් කවි ලියා නැති සුප්‍රසිද්ධ කලා කරුවන්ගෙන් කවියක් ලියා දෙන්නැයි ද කියමින් කරදරයක් වී සිටිමු. ඒ හුදෙක් රොබට් නොක්ස් මතක් කර දුන් හෙළ කවි ආත්මය ඔවුන්ගේ හදවත් තුළින් පිටතට ගැනීමේ චේතනාව මුල් කොට ගෙනය. ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ශූරින් පැවසූයේ වසර පනස් එකක් වන ඔහුගේ කලා දිවියෙහි කිසි දිනෙක කිසිවෙක් ඔහුගෙන් කවියක් ලියන ලෙස ඉල්ලා නොමැති බවයි. එහෙත් ඔහු එවූ අපුරු කවිය මේ කලාපයෙහි පළ වේ. තිලකරත්න කුරුවිටබණ්ඩාර කිවිඳුන්ගේ කවියක් සිහියට නැඟෙයි. ‘ මා ලියූ කවි නැවත නැවතත් කියව කියවා පහන් සිතකින්…’ එය ඔහුගේ වුවත් ඔහුට පමණක් අයත් කවියක් නොවේ. එය අප සැමගේ ම කවියකි. ‘මා ලියූ කවි නැවත නැවතත් කියව කියවා පහන් සිතකින් සිටින්නේ….. මා පමණක් නොවේ යැයි සිතමි.
උපුටා ගැනීම - සඳගිර පාමුල - 2015 දෙසැම්බර්
සදත් ඇතුන් පසුපස ආ ඇතිනි මෙන
ඇවිත් ඇහැ ලඟට රෑ හීනෙන් පෙනෙන
නොදත් නමුදු මා සිත විතර ද පමණ
එදත් නුඹ ම පමණය මා පැතු සෙවණ
හේමමාලිටයි.............