ගිලන් වූ පිය පුතු

ගිලන් වූ පිය පුතු

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

දෑස් අඩවන්ව අසරණ ව බියෙන් සගවනා කෙඳිරිලි හඬය ගිලන් ව.. පුත නුඹේ සුසුම් වැද පිපිරිලා විසිරිලා බොත්තම් කැඩී ගැලවිලා හැඳි කබායද ඉරී.. හදවතේ.. එලි බැසී කූඩු කළ සෙනේහය.. නීති රෙගුලාසි කිරුළ ද බිඳී වේදිකාවෙන් වැටුණු... භූමිකාවේ වදන් ගොත ගැසුණු.. මා රුව, අරුම සත්ත්වයකු වී පෙනුණාද.. උණ විකාරෙන් පෙනුණු රුවක් යැයි සිතුනාද..? ඔය දෑස් විදුලි සැර වැදී අන්ධකාරය පුත ම' නෙත . සිඹ නළල පිරිමැද සිත හිස ද පියවි ලොව පය තබමි නුඹ දකිමි...... මම, මම ම වෙමි.. පසුව දෙන්නට කල් තබාගත් "සෙනේහය" කර විවර වීසි කර පීතෘ අභිමත... හඳුන්වා දෙමි ඉතින් "ම හද..." නුඹ නිසා ගිලන් වුන.. එහි හඬ හා උණුසුම ද..
කවිය බලන්න