මකුළු දික්කසාදය

මකුළු දික්කසාදය

වෛද්‍ය වරුණ ජයසිංහ එක්සත් රාජධානිය

ගොදුර බදනුව බැඳපු දැල, ඉන් මිදෙන ගොදුරෙන් බිඳෙන’යුරු දැක හැඟිනි, ගොදුරට වඩා මා බැඳි දැලෙහි විසිතුර මට අගේ බව. බැඳුම් විඳි ඇගෙ සරොස් කඳුලට මගේ ළතැවුල මුසු ව වැගිරුනි යලිදු නොබඳිමි බිඳෙන දැල්, මේ හැලුණු කඳුලැල් හොඳටෝම ඇති!
කවිය බලන්න